සිය මෝටර් රථයේ පසුපස අසුනේ ආරක්ෂක බඳ පටි භාවිතයෙන් තොරව ගමන් කිරීමේ වරදට බ්‍රිතාන්‍ය අග‍්‍රාමාත්‍ය රිශී සුනක් වෙත එරට පොලීසිය විසින් දඩයක් නියම කර තිබේ.බ්‍රිතාන්‍ය අග‍්‍රාමාත්‍යවරයා තම මෝටර් රථයෙන් ගමන්කරමින් සිටින අතරවාරයේ සමාජ මාධ්‍ය සඳහා වීඩියෝවක් මුදාහැර තිබූ අතර එහි රූප රාමුවලට අනුව ඔහු ආරක්ෂක බඳ පටි පැළඳ නොසිටි බව අනාවරණය වී ඇත.