සීදුව, අම්බලම්මුල්ලේ නගර සභා කසල රඳවනයේ පොහොර උරයක බහා තිබූ සුනඛයන් ගේ නරක් වූ හිස් කිහිපයක් දැකීමෙන් ඒ අවට ප්රදේශවාසීහු තමන් කම්පාවටත් පිළිකුලටත් පත්ව සිටිති. ඊට නොදුරු ස්ථානයක සිට මෙම සුනඛ හිස් එම ස්ථානයට ගෙනවුත් දමන්නට ඇතැයි අනුමාන කෙරේ. මෙලෙස සුනඛ හිස් පමණක් එහි ගෙනවුත් දමා ඇති පසුබිමක ඒ සුනඛයන් ගේ කඳ කොටසට කුමක් වීද යන්න සිතීමේ දී ඒ සුනඛයන් මස් පිණිස මරා ඇති බවට සාධාරණ ලෙස අනුමාන කළ හැකි බව ඔව්හු තව දුරටත් කියති.
කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය තැනීම ඇතුළු වෙනත් වෘත්තීන් සඳහා එම ප්රදේශයේ චීන ජාතිකයන් ලැගුම් ගෙන සිටි අවදියේ එම ප්රදේශයේ නීති සහ සදාචාර විරෝධී ක්රියාවන්ට සම්බන්ධ පිරිස් එම ප්රදේශවල සැරිසරන නිවාස අහිමි සුනඛයන් ජීවග්රහයෙන් අල්ලා එම චීන ජාතිකයන්ට මස් කරගැනීම පිණිස අලෙවි කළ බව අම්බලම්මුල්ල ප්රදේශවාසීහු කියති.