දියවැඩියාව යනු පෝෂණය පිළිබඳ ගැටලුවකි. මෙය සිදුවූයේ කෙසේද?
දියවැඩියාව බොහෝ දෙනෙකුගේ සරල සහ සුලබ හැඳින්වීම වන්නේ “සීනි වැඩි වෙලා” යන්න ය. මේ සීනි වර්ගය ඔබ තේ වලට මිශ්‍ර කරන සීනි නොවේ. එය වෙනමම සීනි වර්ගයකි. ග්ලුකෝස් නම් වූ මෙය සුදු පැහැති සියුම් කුඩු විශේෂයකි.
පාරේ දුවන වාහන පෙට්‍රල්, ඩීසල් මගින් ධාවනය වන බව අපි දනිමු. අපට එවැනි වේගයකින් දුවන්නට බැරි වුණත් අපිටත් ඇවිදින්නට කඳු නඟින්නට හැකියාවක් ඇත. නමුත් එයටත් ඉන්ධන වර්ගයක් අවශ්‍ය වේ. ඒ පෙට්‍රල් ඩීසල් නොව ඉහත සඳහන් කළ ග්ලුකෝස් නමැති සීනි වර්ගය යි. මේ සීනි වර්ගය ලේවල දියවී නහරවල පවතී.
මොන ආහාරයක් අපේ ආමාශයට වැටුණත් ශරීරය බලන්නේ එහි ග්ලුකෝසුත් තිබේද යන්නයි. ග්ලුකෝස් තිබේ නම් එක්වරම එය ලේවලට උරාගනී. ඉන්පසු එය ශරීරය පුරාම බෙදා හරිනු ලබයි.
දියවැඩියාව නොමැති සාමාන්‍ය පුද්ගලයකුගේ ශරීරයෙහි මස්පිඬු ඇතුළට ග්ලුකෝස්වලට ගමන් කිරීමේ හැකියාව තිබුණත් දියවැඩියා රෝගීන්ට ඇති ප්‍රශ්නය වන්නේ ලේවල ඇති මේ සීනි වර්ගය ශරීරයේ මස් පිඬු ඇතුළට රිංගවන්නට තිබෙන අසීරුවයි. එයට විවිධ හේතු තිබේ. එනිසා නිසි පෝෂණයක් නැතිව ශරීරය වැහැරී යයි. ශරීරය ඇතුළට යන්නට නොහැකි නිසා ලේ නහර තුළ ඇති ලේ වල සීනි මට්ටම එන්න එන්නම ඉහළ යයි. මෙය හරියටම කිවහොත් කෑම ගෙනැවිත් ගෙදර දොර ළඟම ගොඩ ගසා තිබීමට නොදෙවෙනි වූවකි. කෑම ටික දොර ළඟම නරක් වී ඉන්පසු සැම තැනම දුගඳ හමන්ට පටන් ගනී. නමුත් නිවැසියන් කුසගින්නේ ය.
ශරීරයේ සෑම තැනකටම මේ සීනි වර්ගය අවශ්‍ය ය. අපේ අතපය වැඩ කරන්නේත්, මොළය කල්පනා කරන්නේත්, අනෙතුත් හැම අවයවයක්ම වැඩ කරන්නේත් මෙය ලැබෙනකම් පමණි. ලේවලට මේවා භාර දෙන්නේ ශරීරයේ නඩත්තුවටය.
දියවැඩියාව නොමැති සාමාන්‍ය පුද්ගලයකුගේ ශරීරයෙහි මස්පිඬු ඇතුළට ග්ලුකෝස්වලට ගමන් කිරීමේ හැකියාව තිබුණත් දියවැඩියා රෝගීන්ට ඇති ප්‍රශ්නය වන්නේ ලේවල ඇති මේ සීනි වර්ගය ශරීරයේ මස් පිඬු ඇතුළට රිංගවන්නට තිබෙන අසීරුවයි. එයට විවිධ හේතු තිබේ. එනිසා නිසි පෝෂණයක් නැතිව ශරීරය වැහැරී යයි. ශරීරය ඇතුළට යන්නට නොහැකි නිසා ලේ නහර තුළ ඇති ලේ වල සීනි මට්ටම එන්න එන්නම ඉහළ යයි. මෙය හරියටම කිවහොත් කෑම ගෙනැවිත් ගෙදර දොර ළඟම ගොඩ ගසා තිබීමට නොදෙවෙනි වූවකි. කෑම ටික දොර ළඟම නරක් වී ඉන්පසු සැම තැනම දුගඳ හමන්ට පටන් ගනී. නමුත් නිවැසියන් කුසගින්නේ ය.
සීනි මට්ටම දිගටම ඉහළ යන විට ලේ ගමන් කරන නහර ඇතුළත බිත්ති නරක් වෙන්න පටන් ගනී . සමහර විට නහර පුපුරා යයි. ලේ කැටි මගින් නහර හිරවී යන්නටද පුළුවන. එහි ප්‍රතිඵලය එම නහර දිගේ ලේ ගමන සම්පූර්ණයෙන් අඩාල වීමයි.
අපේ ශරීරය ඇතුළේ වැඩ බෙදාගෙන තිබෙන්නේ, අපේ රටේ අමාත්‍යාංශ වැඩ බෙදාගෙන තියෙන ආකාරයට ය. එනිසා යම් අවයවයක රුධිර සැපයුම නැවතුනහොත් එම අවයවය මිය යා හැකිය. ශරීරයේ වටිනාම අවයවයක් මෙසේ ක්‍රියා විරහිත වුවහොත් ශරීරය රෝගී වීමක් හෝ ක්ෂණික මරණයක් බලාපොරොත්තු විය හැකිවේ.
සමහර අවයව කොටස්වලට පෝෂණය සඳහා ඇත්තේ එකම එක නහරයක් පමණි. එම නහරය හිරවුණු පසු එම අවයව කොටස මිය යයි.
අපේ වගකීම විය යුත්තේ ශරීරයට කරදරයක් සිදු නොකර ජීවිතය පවත්වාගෙන යාමය. එනිසා අපේ ශරීරයට අත්‍යවශ්‍ය දෙයක් වුණත් එය ප්‍රමාණයට වඩා වැඩි වීම කොතරම් දරුණු ප්‍රතිඵල ගෙන දෙන දෙයක්දැයි ඔබට වැටහෙනවා ඇත.
එක්වරම සීනි උදරයට වැටීම වැළැක්වීම, මේ සඳහා අපිට කළ හැකි දෙයකි. අප ග්ලුකෝස් ආහාරයක් ලෙස නොගත්තත් උදරයට වැටුණු ආහාරවල අඩංගු වී තිබෙන දේවල් තෝරා බේරා ගෙන ඒවායේ ඇති ග්ලුකෝස් සොයාගැනීමට අපේ උදරය අති දක්ෂයෙකි.
අප ගන්නා ආහාරවලට උදරයේ දී සිදුවන දේ දැන් සොයා බලමු.
තේ වලට මිශ්‍ර කරන සීනි ගැන සැලකුවහොත් මේ සීනි හඳුන්වන්නේ සුක්‍රොස් යන නමිනි. මෙම සීනි කැටයක් දියවන විට අති සියුම් අංශුමාත්‍ර බවට පත්වෙයි. ඒවා පියවි ඇසට නොපෙනෙන තරම් අති සියුම් වුවද, අපේ දිවට රසට දැනෙයි.
ඕනෑම දෙයක තවදුරටත් කඩන්නට නොහැකි තරම් අති සියුම් අංශුමාත්‍රයක් අප හඳුන්වන්නේ අණුවක් ලෙස ය. මේ අංශුමාත්‍ර අපි සුක්‍රෝස් අණු ලෙස හඳුන්වමු. සුක්‍රෝස් අණුවක් දෙකට කැඩුවොත්, තවත් අණු දෙකක් ලැබේ. දැන් තවදුරටත් සුක්‍රොස් එතැන නැත. දැන් ලැබෙන අණු දෙකෙන් එකක් ෆ්‍රක්ටෝස් වන අතර අනෙක් අණුව අප හොඳින් දන්නා ග්ලුකෝස් අණුව යි. පොල් ගෙඩිය බෑ දෙකකට එක්වරම කැඩෙන අයුරින් සුක්‍රොස් අණුවද එක්වරම දෙකට කැඩේ. සීනි උදරය තුළදීම ඉතා ඉක්මනින් ග්ලුකෝස් අණුවක් බවට පත්වන අන්දම දැන් ඔබට වැටහෙනවා ඇත. අපේ ශරීරය විනාශ කරන්නට මේ දේ සිදුවන්නට ඉඩ දී අප බලා සිටිය යුතුද?
මේ නිසා අද සිට සුක්‍රොස් නම් සීනි වර්ගය ඔබේ තේ කෝප්පයට දැමීමෙන් සම්පූර්ණයෙන්ම වැළකිය යුතුය. සීනි දමා සකස් කළ පැණි රස කෑම, අතුරුපස, හකුරු, කිතුල් හකුරු, රට ඉඳි, බිස්කට්, පැණි බීම ආදියෙන් සම්පූර්ණයෙන් අප වැළකී සිටිය යුතුය.
ඊළඟට අපි නිතරම ආහාරයට ගන්නා පිටි සොයාබලමු.
බනිස් පාන් රොටි වැනි ආහාර සාදා ඇත්තේ තිරිඟු පිටිවලිනි. තිරිඟු ඇට කුඩු කිරීමෙන් තිරිංගු පිටි සාදා ගැනේ. තිරිඟු ගස තුළ තිරිඟු සාදන්නේ කෙසේද කියා ඔබ දන්නේ නැතිව ඇත.
මුතු ඇට මාලයක මුතු ඇට එකිනෙක අමුණා මාලය සාදා ඇති ආකාරයෙන් ග්ලුකෝස් අණු එකින් එක මුතු ඇටයක මාලය මෙන් ඇමිණූ කල ඔබට ලැබෙන්නේ තිරිඟු බව මෙතෙක් ඔබ දැන නොසිටින්නට ඇත. තිරිඟු ගස තුළ සිදුවනුයේ මෙයයි. තිරිඟු පිටි උදරයට වැටුණු වහාම තිරිඟු පිටි අංශුව කෑලි කෑලිවලට කඩා ග්ලුකෝස් අණු සියල්ල උදරය තුළදී නිදහස් කරගන්නේ ඉතා ඉක්මනින්ම ය. මේ සියලු දේ උදරය විසින් සිදු කරන්නේ හොඳ හිතින් වුවත් එයින් සිදුවන්නේ විපතක් බව උදරය දන්නේ නැත.
කවුරු කෙසේ කීවත් අපට බඩගින්න නම් ඉවසන්නට නොහැකිය. ඊට ඇති විසඳුම බඩ පිරෙන්නට යමක් ආහාරයට ගැනීම පමණි. නමුත් අප ආහාර ගන්නේ කුස පුරවා ගන්නට පමණක්ද? කොහෙත්ම නැත. ඊට තවත් විවිධාකාර හේතු තිබේ. අපි රස ආහාර සොයා යමු. පෝෂ්‍යදායි ආහාර සොයා යමු. වෙලාවට ආහාර ගනිමු. හිත පිරෙන්නට ආහාර ගනිමු. අනෙක් අයගේ හිත සතුටු වීමට ආහාර සොයමු. ආහාරවල වටිනාකම දන්නා නිසා බෙදාගත් බත් පතේ ඇති සියල්ල අවසන් වෙන තුරු අපි ආහාරයට ගනිමු. මේ සියල්ල සලකා බැලූ විට අප මෙතෙක් කල් ආහාර ගෙන ඇත්තේ බඩගින්නට පමණක්ම නොවන බව ඔබට වැටහෙනවා ඇත.
මේ සියල්ල ඔබ අවසන් කළ යුතුය. බඩගින්නට බඩ පිරෙන්නට ගතහැකි ආහාර කොතෙකුත් තිබේ. ඒවා එතරම් රස නැත. නමුත් බඩ පිරුණු පසු හිතට සැනසීම ලැබෙනු ඇත. එම සැනසීම කුමන දෙයක් ආහාරයට ගත්තත් එකම එක විදියට ලැබේ. එම සැනසීමේ වෙනසක් නැත. එයට රස ගුණ අදාළ නැත. පැය ගණනාවක් එහි සතුට භුක්ති විඳීමට ඔබට පුළුවන.
කුඩා කල මව් කිරි බිව් අයුරු ඔබේ මතකයේ දැන් නොමැත. නමුත් ඔබ මව් කිරි බිවූ බව ඔබ දනී. දැන් ඔබට මව් කිරි, කෝප්පයකට දමා දුන්නොත් බොන්නට බෑ නේද ? කුඩා අවධියේ දුවපු හැටි, උඩ පැනපු හැටි, ඔබට මතක තිබෙනු ඇත. වයස්ගතවන විට තවදුරටත් ඒවා කරන්නට බෑ නේද ? දැන් ශරීරය වෙනස් වෙලා ය. වයස්ගතවන විට ආහාර රටාවත් වෙනස් විය යුත්තේ එබැවිනි.
අප කොහෙත්ම කුසගින්නේ සිටිය යුතු නැත. කෙඳි බහුල ආහාරයක් ගැනීමෙන් ඉක්මනින් කුස පුරවා ගන්නට පුළුවන. කඩල, කව්පි, මුං ඇට, රතු කඩල උදේ ආහාරයට ගත හැකිය. දවල් ආහාරයට රතු බත් සමග එළවළු, මාළු, කුකුල් මස් හෝ බිත්තර ගැනීම සුදුසුය. පිටි ආහාර ගැනීමෙන් වැළකිය යුතුය. එනම් අල, බතල, කොස්, දෙල්, මඤ්ඤොක්කා ආදිය යි. අතුරුපස ලෙස ගත හැක්කේ පැපොල් සහ කෙසෙල් ගෙඩි පමණි. රාත්‍රී ආහාරයට තම්බපු එළවළු ගැනීම සුදුසුය. නමුත් අල සුදුසු නැත. අමුවෙන් ගත හැකි එළවළු වන්නේ සලාද, තක්කාලි, පිපිඤ්ඤා, ලූණු, මාළුමිරිස් වැනි ආහාර වර්ගයි. පරලු පාන්, සුප් වර්ග තවදුරටත් ගන්නට පුළුවන. පාන් බනිස් වැනි විවිධ බේකරි කෑම රොටි සහ බිස්කට් ගැනීමෙන් වැළකිය යුතුය. ඔබ තේ, කෝපි පානය කරන කෙනෙක් නම් සාමාන්‍ය සීනි වෙනුවට සුක්‍රලෝස් නමැති සීනි වර්ගය ෆාමසියකින් ඔබට වෛද්‍ය උපදෙස් අනුව ලබාගන්නට පුළුවන. වෙනත් කිසිම සීනි වර්ගයක්, පැණි රස කාරකයක් සුදුසු නැත. පිටි කිරි බොන්නට කැමති කෙනෙක් නම් ඒ සඳහා සුදුසු පිටිකිරි වර්ගයක් වෛද්‍ය උපදෙස් අනුව භාවිතා කරන්න.
ශරීරයට නුසුදුසු පැණිරස වර්ග අතුරුපස වර්ග ඔබ ඉදිරියේ ඕනෑ තරම් තිබිය හැකිය. කිසිදු කරදරයක් නැතුව මේ සියලු දේ කුඩා කල අපි රසවින්දෙමු. කුඩා කල මව් කිරි බිව් අයුරු ඔබේ මතකයේ දැන් නොමැත. නමුත් ඔබ මව් කිරි බිවූ බව ඔබ දනී. දැන් ඔබට මව් කිරි, කෝප්පයකට දමා දුන්නොත් බොන්නට බෑ නේද ? කුඩා අවධියේ දුවපු හැටි, උඩ පැනපු හැටි, ඔබට මතක තිබෙනු ඇත. වයස්ගත වන විට තවදුරටත් ඒවා කරන්නට බෑ නේද ? දැන් ශරීරය වෙනස් වෙලා ය. වයස්ගතවන විට ආහාර රටාවත් වෙනස් විය යුත්තේ එබැවිනි. වෙනස් වුණු ශරීරයට ගැලපෙන ආකාරයෙන් ඉදිරියට යාමෙන් ලෙඩ දුක් කරදරවලින් තොර අනාගතයක් සකස් කර ගැනීමට අපට හැකියාව ලැබෙනු ඇත. ඔබට නොගැලපෙන ආහාරයක් ඔබට බලෙන් ශරීරගත කරවිය නොහැකිය. එය කර ගන්නේ ඔබම ය. දිගින් දිගටම සුදුසු ආහාරවලට හුරු වූ පසු කිසිම ප්‍රශ්නයක් මතුවන්නේ නැත. නව ජීවන රටාවට ඔබ අනුගත වන්නේ ඔබව ම පුදුමයට කරමිනි.
කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා
ඉන්දු පෙරේරා