‘විශ්ව බුද්ධ’නමින් පෙනී සිටිමින් බෞද්ධයන්ට හා බෞද්ධාගමට අපහාස වන ආකාරයේ ප්රකාශ නිකුත් කර, ඒවා අන්තර්ජාලයට මුදාහැරීමෙන්, ඉදිරිවාදිකම්වලට පෙළඹවීමේ ක්රියාවන් වල නිරත වන රත්නපුරේ විමලබුද්ධි නම් චීවරධාරියා ඊයේ(21)අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නැවත අත්අඩංගුවට ගන්නා ලදුව ගංගොඩවිල මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු යළිත් ජනවාරි මස 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කොට තිබේ.මෙම චිවරධාරියා මීට පෙර අත්අඩංගුවට ගත් අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කරමින් සඳහන් කළේ කිසියම් බාහිර පාර්ශවයක් මගින් රුපියල් ලක්ෂ 25ක මුදලක් සැකකරුගේ ගිණුමකට යොමුකර ඇති බවයි.එමෙන්ම, ඔවුන් වැඩිදුරටත් අනාවරණ කළේ මෙම සැකකාර චීවරධාරියා සුනඛයකුට සිවුරක් අන්දවා සමාජ ජාල වලට මුදා හැර කාන්තාවන් ඇසුරු කරමින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කර ඒවා ද සමාජ ජාල වලට මුදා හරින බවකි. මේ ආකාරයෙන් බුදු වරුන්,රහතුන් සහ බෝසත් වරුන් ලෙස පෙනී සිටිමින් ජනතාව මුලා කරන්නවුන් හා ඔවුන් හට සහයෝගාත්මක ප්රකාශ නිකුත් කරන්නවුන් වටා මේ වන විට අති විශාල ධනස්කන්ධයක් එක් රොක් ව ඇතැයි බෞද්ධ සංවිධාන වරින් වර පෙන්වා දී තිබේ.