මිචිගන් සරසවියේ පර්යේෂකයෝ කෘත්‍රිම බුද්ධිය තුළ නව මානයක් විවෘත කර ගෙන ඇති බවට පුවතක් වාර්තා වෙයි. සුනඛයින්ගේ සන්නිවේදනය විකේතනය කළ හැකි දැයි ඔවුහු ගවේෂණය කරමින් සිටිති. සුනඛයකුගේ බිරුම් හඬ මගින් ඌ සිටින්නේ සතුටින් ද, ආක්‍රමණශීලී මානසිකත්වයක ද යන්න සහ වයස, සුනඛ ප්‍රභේදය, ලිංගිකත්වය වැනි අතිරේක තොරතුරු ද කෘත්‍රිම බුද්ධිය ඔස්සේ හඳුනා ගත හැකි ද යන්න පිළිබඳ පර්යේෂණ සිදුකෙරෙමිින් පවතී.
“මුල් කාලයේ මිනිස් කථනය පුහුණු කළ කථන සැකසුම් ආදර්ශකයන් (speech processing models) භාවිත කරමින් සුනඛයන්ගේ බිරුම් හඬ ඉතා සියුම්ව අවබෝධ කර ගන්නේ කෙසේද යන්න පිළිබඳ අපගේ පර්යේෂකයෝ නව මානයක් විවෘත කර තිබෙනවා.” යැයි සුනඛ කෘත්‍රිම බුද්ධි පර්යේෂණයේ නිරතව සිටින මිචිගන් සරසවියේ කෘත්‍රිම බුද්ධි පර්යේෂණාගාරයේ අධ්යක්ෂ රාඩා මිහොල්චියා පවසයි.
විවිධ සන්දර්භයන් තුළ සුනඛ හඬවල් 74 ක් යොදා ගනිමින් සිදු කළ කෘත්‍රිම බුද්ධි අධ්‍යයනයන් තුළින් බලාපොරොත්තු තබා ගත හැකි ප්‍රතිඵල ලැබී තිබේ. මුල් කාලයේ මිනිස් හඬ පුහුණු කරන ලද කෘත්‍රිම බුද්ධි ආදර්ශකයන්, සත්ත්ව සන්නිවේදනය අවබෝධ කර ගැනීමේ පද්ධති වර්ධනය කිරීම සඳහා ඵලදායී ආරම්භයක් බවට පත් කර ගත හැකි බවට තහවුරු වී තිබේ.
විවිධ සන්දර්භයන් තුළ සුනඛ හඬවල් 74 ක් යොදා ගනිමින් සිදු කළ කෘත්‍රිම බුද්ධි අධ්‍යයනයන් තුළින් බලාපොරොත්තු තබා ගත හැකි ප්‍රතිඵල ලැබී තිබේ. මුල් කාලයේ මිනිස් හඬ පුහුණු කරන ලද කෘත්‍රිම බුද්ධි ආදර්ශකයන්, සත්ත්ව සන්නිවේදනය අවබෝධ කර ගැනීමේ පද්ධති වර්ධනය කිරීම සඳහා ඵලදායී ආරම්භයක් බවට පත් කර ගත හැකි බවට තහවුරු වී තිබේ. මේ නව සොයා ගැනීම තුළින් පෙන්වා දෙන්නේ දැනට භාවිතයේ පවතින කථන සැකසුම් ආදර්ශකයන්, සුනඛයන්ගේ සංකීර්ණ හඬ රටාවන් විකේතනය කිරීම සඳහා යොදා ගත හැකි බවය.
“අප සමග ලෝකය බෙදා හදා ගන්නා සතුන් පිළිබඳ අපි වැඩි යමක් දන්නේ නැහැ. කෘත්‍රිම බුද්ධියේ නව දියුණු වීම් තුළින් සත්ත්ව සන්නිවේදනය පිළිබඳ අපගේ අවබෝධය දැවැන්ත වෙනසකට බඳුන් කිරීම සඳහා යොදා ගන්නට පුළුවන්. ඒ වගේම අපගේ සොයා ගැනීම් මගින් පෙනෙන්නට තිබෙන්නේ අපට මේ කිසිවක් මුල සිටම පටන් ගැනීම අවශ්‍ය නොවන බවයි.” මිහොල්චියා එසේ පවසයි.
සුනඛ බිරීම් හඬ ඇතුළුව සතුන්ගේ ශබ්දවල ධ්වනි රටා පරීක්ෂා කිරීමට සහ අවබෝධ කර ගැනීමට පදනමක් ලෙස මිනිස් කථනයේ ශබ්ද සහ රටා යොදා ගත හැකි බව මේ පර්යේෂණය පෙන්වා දෙයි. කෙසේ නමුත් තවමත් මේ සම්බන්ධයෙන් බොහෝ අභියෝග තිබෙන බව සඳහන් කළ යුතුය. එකක් වන්නේ පහසුවෙන් ලබා ගත හැකි සත්ත්ව හඬ ප්‍රමාණයන් ඉතා විරල බවය.
“සත්ත්ව හඬ තාර්කිකව ගතහොත් අපට අවශ්‍ය පරිදි සතුන් පොලඹවා අපට අවශ්‍ය ශබ්ද පටිගත කිරීම ඉතා දුෂ්කර කාර්යයක්. ඒවා වනාන්තරවල දී සතුන්ට නොදැනෙන සේ පටිගත කළ යුතුයි. ගෘහාශ්‍රිත සතුන් නම්, හිමිකරුවන්ගේ අවසර ඇති පටිගත කළ යුතුව තිබෙනවා.” අධ්‍යයනයේ නායකත්වය ගෙන කටයුතු කරන ආර්ටෙම් ඇබ්සලීව් පවසයි.
පර්යේෂකයෝ මේ බාධා නොතකමින් මිනිස් කථන විශ්ලේෂණ ආදර්ශකයක් සාර්ථකව නැවත ප්‍රයෝජනයට ගන්නා ලදී. මේ ආදර්ශකය, කතා කරන වචන සහ කථකයා හඳුනාගන්නා, හඬ සක්‍රිය කළ උසස් තාක්ෂණයක් භාවිත කරයි. මෙය සුනඛ බිරුම් හඬ විශ්ලේෂණය කිරීම සඳහා ප්‍රබල අෘකෘතියක් සපයා දෙයි.
“මේ ආදර්ශකයන්ට මිනිස් භාෂාවේ සහ කථනයේ අදහාගත නොහැකි සංකීර්ණ රටා ඉගෙන ගැනීමට සහ විකේතනය කිරීමට හැකියාව තිබෙනවා. අප බැලිය යුත්තේ මේ හැකියාව සුනඛ බිරුම් හඳුනා ගෙන අර්ථකතනය කිරීම සඳහා වර්ධනය කර ගත හැකිද යන්නයි.” ඇබ්සලීව් සඳහන් කරයි.
එයින් අදහස් කරන්නේ කුමක්ද?
මේ පර්යේෂණයේ ප්රතිඵලයන් සත්ත්ව සුබසාධනය සඳහා ඉතා වැදගත්ය. සුනඛ හඬ ගැඹුරින් අවබෝධ කර ගැනීම තුළින් සුනඛ අවශ්‍යතාවන් අර්ථකතනය කොට ඒවාට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න වැඩිදියුණු කර ගත හැකිය. එමගින් සුනඛයින්ගේ රැකවරණය වර්ධනය කළ හැකි අතර අනතුරුදායී තත්ත්වයන් වළක්වා ගැනීම ද කළ හැකිය.
සුනඛ බිරුමක අදහස සහ එය පසුපස ඇති මනෝභාවමය තත්ත්වය අවබෝධ කර ගැනීම තුළින්, ඔවුන්ගේ හිමිකරුවන්ට සහ රැකවරණය සපයන්නන්ට වඩාත් නිවැරදි තීරණ ගත හැකිය. එය සුනඛයින්ට සහ මිනිසුන්ට යන දෙපිරිසිටම වඩාත් යහපත් ප්‍රතිඵලයක් සහ සුරක්ෂිත බවක් ළඟා කර දෙයි.
සුනඛ බිරුමක අදහස සහ එය පසුපස ඇති මනෝභාවමය තත්ත්වය අවබෝධ කර ගැනීම තුළින්, ඔවුන්ගේ හිමිකරුවන්ට සහ රැකවරණය සපයන්නන්ට වඩාත් නිවැරදි තීරණ ගත හැකිය. එය සුනඛයින්ට සහ මිනිසුන්ට යන දෙපිරිසිටම වඩාත් යහපත් ප්‍රතිඵලයක් සහ සුරක්ෂිත බවක් ළඟා කර දෙයි.
අවසන් වශයෙන් මේ නව අධ්‍යයනය මගින් දීර්ඝ කාලීන වශයෙන් සත්ත්ව විශේෂ අතර අවබෝධය වැඩි දියුණු කිරීම සඳහා යොදා ගත හැකිය. එයින් පෙන්වා දෙන්නේ මිනිසා සහ සතුන් අතර සන්නිවේදනයේ හිදැස කෘත්‍රිම බුද්ධිය මගින් පිරවීමේ හැකියාව පවතින බවය. ඔබ විද්‍යා ප්රබන්ධවලට ඇලුම් කරන්නෙක් නම්, මෙවැනි කාරණයක් ‘ස්ටාර් – ට්‍රෙක්’ කතා මාලාවේ ඇතුළත්ව තිබූ බව මතක් වනවා නොඅනුමානය. එනම් විශ්ව පරිවර්තකයකි. පර්යේෂකයන්ගේ අවසන් අරමුණ එවැනි විශ්ව පරිවර්තකයක් ලොවට බිහි කිරීමය. කෘත්‍රිම බුද්ධියේ වේගවත් වර්ධනය හමුවේ එය සැබෑවක් වන දිනය වැඩි ඈතක නොවනු ඇත.
නිරංජන් චාමින්ද කරුණාතිලක