සුනාමි ව්‍යසනය වෙනුවෙන් මිනිත්තු දෙකක් රටම නවතී

ශ්‍රී ලංකාව සුනාමි ව්‍යසනයට මුහුණ පා අදට (26) වසර 18 ක් සම්පූර්ණ වන අතර ඉන් මියගිය අය සිහිපත් කරමින් විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

සුනාමි විපත සිහිකරමින් සෑම වසරකම දෙසැම්බර් 26 දිනය “ජාතික සුරක්ෂිත දිනය” ලෙස නම් කර ඇති අතර, දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් මෙම සැමරුම් වැඩසටහන් පැවැත්වෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ජානක හඳුන්පතිරාජ මහතා පැවසීය.

මෙහි ප්‍රධාන සැමරුම් උත්සවය ගාල්ල, පැරෑලිය “සුනාමි ස්මාරකය” අභියස දී අද (26) උදෑසන පැවැත්වීමට නියමිතය.

අද පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මිය ගිය ශ්‍රී ලාංකිකයින් සිහිපත් කිරීම සදහා දිවයින පුරා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ආරක්‍ෂා කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

කාලීන පුවත්