මෙවර ජනාධිපතිවරණයේදී ඉලන්කෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ සහාය සමගි ජන බලවේගයෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පවසයි.මන්ත්‍රී වරයා වැඩි දුරටත් පවසනුයේ වර්තමාන දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් බොහෝ කරුණු විමසා බැලීමෙන් පසු මෙම තීරණයට එළඹි බවය.