ශ්රී ලාංකේය සිනමාවේ වනිතා සළකුණ ලෙස විරුදාවලී ලත් ප්රවීණ චිත්රපට අධ්යක්ෂිකා ආචාර්ය සුමිත්රා පීරිස් මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලකදී අද(19) අභාවප්රාප්ත වූවාය. මියයනවිට 88 වන වියේ පසු විය.නැසීගිය ප්රවීණ චිත්රපට අධ්යක්ෂ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සමග විවාහ වී සිටි සුමිත්රා පීරිස් මෙරට චිත්රපට ක්ෂේත්රයට ඉමහත් සේවයක් ඉටු කළාය.1978 ගැහැනු ළමයි , 1980 ගඟ අද්දර, 1982 යහළු යෙහෙලි ,1984 මායා, 1988 සාගර ජලය මදි හැඩුවා ඔබ සන්දා,1996 ලොකු දුව , 1997 දුවට මවක මිස , 2003 සමන් මළුව , 2018 වෛෂ්ණවී ඇය කළ නිර්මාණයි.ඇයගේ චිත්රපට අතුරින් වඩාත් ජනප්රිය වන්නේ ගැහැණු ළමයි , ගඟ අද්දර සහ යහළුයෙහෙළි ය. කලා කීර්ති නාමයද පිදුම් ලද සුමිත්රා පීරිස් 1990 දශකයේ අගභාගයේදී ප්රංශය, ස්පාඤ්ඤය සහ එක්සත් ජාතීන්ගේ ශ්රී ලංකා තානාපති ධූරය ද හෙබවූවාය.සුමිත්රා ‘පීරිස්’ නම යොදන්නට පෙර සුමිත්රා ගුණවර්ධන වූ අතර 1934 මාර්තු 24 දින මාක්ස්වාදී “බොරළුගොඩ ගුණවර්ධන” පවුලේ උපත ලැබුවාය . නීතීඥයකු වූ ඇගේ පියා හෙන්රි ගුණවර්ධන ප්රසිද්ධ දේශපාලනඥයන් වූ පිලිප් ගුණවර්ධන සහ රොබට් ගුණවර්ධනගේ සොහොයුරාය. දිනේෂ් ගුණවර්ධන , ගීතාංජන ගුණවර්ධන සහ ප්රසන්න ගුණවර්ධන සුමිත්රාගේ ළඟම ඥාතීන් තිදෙනෙකි. වසර පනහක ශ්රී ලාංකේය සිනමාවේ හොඳම චිත්රපට අධ්යක්ෂවරිය ලෙස ඇය සම්මානයට පාත්ර වූවාය.අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.