කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ජනාධිපතිවරයා නිරෝධායන ඇඳිරි නීතිය පැනවූවේ අගොස්තු මස 20 දා ය. සෞඛ්‍ය සේවකයන් ඉල්ලා සිටියේ ජනතාව නිවෙස්වලට සීමා කරන විද්‍යාත්මක ඇඳිරි නීතියක් වුවද එය ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වූවේ නැත.රටේ ජනතාවගෙන් 40% ක් නිවෙසට සීමා වුවද ඉතිරි 60% මහා මාර්ගයට පැමිණ තිබුණි.
වෙළෙද සැල්, කාර්යාල ඇතුළු බොහෝ ආයතන විවෘත වූ අතර වසා දමා තිබුණේ රෙදි පිළි අලෙවිසැල්, මත්පැන් අලෙවිසැල් ඇතුළු අතලොස්සක් පමණකි.පා පැදියක් තිබෙන පුද්ගලයා පවා නිවසින් පිටතට ගිය අතර පා පැදියක් හෝ නොමැති පුද්ගලයා නිවස පිහිටි ප්‍රදේශයට පමණක් සීමා විය. 40% සීමාව ද පහත හෙළමින් ආණ්ඩුව ලොතරැයි අලෙවිය සදහා අවසර දුන්නේ සැප්තැම්බර් මස 13 වන දින සිට ය.
ස්වයං රැකියා නියුක්ත ජනතාව වෙනුවෙන් බව කියමින් විවෘත වුවද සැබෑ අර්ථය වන්නේ රජයට මුදල් නොමැති වීම ය. රාජ්‍ය භාණ්ඩාගාරයට වැඩිම බදු මුදලක් ලැබෙන ලොතරැයි, මත්පැන් අලෙවිය පහත බැස තිබීම මේ සදහා අවසරය හිමිවීමට ප්‍රධාන හේතුව විය.මේ පිළිබඳව අපි මෙම තීරුව ඔස්සේම කල් තියාම පෙන්වා දී ඇත්තෙමු.ඉකුත් සිකුරාදා එනම් 16 වන දා කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය රැස්වූවේ නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කරන්නේ ද නැද්ද යන කාරණය තීන්දු කිරීමට ය. එහිදි ඇඳිරි නීතිය ඔක්තෝම්බර් 01 දා අළුයම දක්වා දීර්ඝ කිරීමට තීන්දු කළේය.
ඇඳිරි නීති
ය දීර්ඝ කරද්දී තවත් පියවරක් ද ගෙන තිබුණි. එනම් මත් පැන් අලෙවි සැල් විවෘත කිරීමට අවසථාව සලසා දීම ය. ජනතාව මත්පැන් අලෙවිසල් ඉදිරිපිට දිගු පෝලිම් ගැසුණේ මත්පැන් අලෙවිසැල් විවෘත කළ බවට ලද ආරංචිය ප්‍රකාරව ය. ප්‍රසිද්ධ දැනුම්දීමකින් තොරව මත්පැන් අලෙවිසැල් විවෘත වූ ආකාරය ගැන මාධ්‍ය විමසද්දී ඊට අවසර දුන් කෙනෙක් සොයා ගත නොහැකි විය.
සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි කියා සිටියේ මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමට අවසර දුන් බවට පළවන පුවත් අසත්‍ය බව ය. නමුත් පොලිසිය අලෙවිසල් වැසීමට උත්සාහ නොකළේ සුරාබදු කොමසාරිස් ජනරාල්ටත් ඉහළ වෙනත් “ජන රාළ” කෙනෙක් ඒ සඳහා අවසර දී තිබුණු නිසා විය යුතු ය. සුරාබදු දෙපාර්තමේන්තුව අයත් වනුයේ මුදල් අමාත්‍යාංශයට යටතට ය.
සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේ නිරෝධායන ඇඳිරි නීති සමයේ මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමට සෞඛ්‍ය අංශ අවසර දී නැති බවකි. එසේ නම් අවසර දිය යුත්තේ මුදල් ඇමතිවරයා ය.නමුත් ආණ්ඩුවේම ඇතැම් පාර්ශව කියා සිටියේ ජනාධිපතිවරයා නම් ඊට අවසර නොදුන් බව ය.
අගමැතිවරයා එම අවස්ථාවේ මෙරට නොසිටීම නිසා මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමට අවසර දිය හැකි ප්‍රධානියා වනුයේ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ය. නමුත් ඔහු ඒ ගැන මෙතෙක් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර නොමැත. එහෙත් 17 දා සවස් කාලය පුරාම මත් පැන් අලෙවිසැල් විවෘතව පැවැතිණි. මත්පැන් අලෙවිසැල් මේ වන විට ද යම් යම් ප්‍රදේශවල විවෘතව පවතියි.වත්මන් ආණ්ඩුවේ ප්‍රබලතමයකු වන ඇමති නාමල් රාජපක්ෂ කීයේ ද මේ අවසරය කවුරුන් දුන් එකක් දැයි තමන් නොදන්නා බව ය.එහෙත් ඒ ගැන සොයා බලන බවක් ඔහු කීවේ නැත.
නමුත් පසුව සුරාසැල් විවෘත වූවේ සොර සුරා ප්‍රචලිත වීම වැළැක්වීමට යැයි ද ඇමති රෝහිත අබේගුණවර්ධන කීවේය.ඒ රජය මෙම තීන්දුව ගත් බව තහවුරු කරමිනි. සොර සුරාසැල් රජයේ අනුමත සුරාසැල් විවෘතව පවතිද්දී ද පැවැතිණි. සොර සුරාසැල්වලින් ජනතාව රැකීමට වඩා රජයේ ආදායම වැඩිකර ගැනීමට මෙම තීන්දුව ගත් බව මේ සියළු කතා වලින් පැහැදිලි වේ.
මත්පැන් අලෙවිය නතර වූ කාලයේ රජයට අහිමි වූ බදු ආදායම රුපියල් කෝටි 1500 කි. එය රජයට බරපතල ගැටළුවකි. මන්ද රජයේ ආදායම් මේ වන විට සෑම පැත්තකින්ම අහිමි වී තිබීම නිසාවෙනි. එය සත්‍යයක් වුවද මත් පැන් පානය කොවිඩ් රෝගය බරපතල වීමට හේතුවක් බව සෞඛ්‍ය අංශ දැඩිව අවධාරණය කරයි.
රජය ගත් මෙම තීන්දුවට එරෙහිව එක්සත් ජාතික ස්වයං රැකියා නියුක්තියන්ගේ සංගමයේ පිරිසක් පසුගිය 18 දා කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වූහ. බාර් පෝලිම් අසලට නොගිය පොලිසිය මෙම උද්ඝෝෂකයන් අසලට පැමිණියේ නිමේෂයකිනි. වහාම උද්ඝෝෂණය නතර කළ පොලිසිය ඔවුන් කුදලාගෙන ගියේ මේවාට උද්ඝෝෂණය කළ නොහැකි බවට මහා හඩක් ද නගමිනි.පසුව අධිකරණය එසේ අත්ඩංගුවට පත් වූවත් ඇප මත මුදා හැරියේ පොලීසියට නොසතුට ද පළ කරමිනි.
රටට, ජනතාවට අනතුරක් වන විට පාරට පැමිණෙන බව කියන භික්ෂූන් වහන්සේලා පිරිසක් රට තුළ සිටිති. ඉකුත් රජය සමයේ කිඹුහුමක් ගියද ඔවුන් මාධ්‍ය ඉදිරියට පැමිණියේ රට බේරා ගැනීමට ය. එහෙත් සුරා සැල් විවෘත වූ අවස්ථාවේ මේ පිරිස දැකින්නට නොලැබුණේ මන්දැයි තවම ගැටළුවකි. ඔවුනට මහ පාරට එන්නට මෙයට වඩා ප්‍රශ්න තිබෙනවා විය හැකියැයි අනුමාන කරනවා හැර වෙන දෙයක් කිව නොහැකි ය.නො එස නම් මත්පැන් අලෙවියට විරුද්ධ විය යුතු වුවත් එය කිරිමට මෙය අවස්ථාව නොවේ යැයි සිතුවා වන්නට ද පිළිවන. රජය තම වැඩපිළිවෙල කිසිදු බාධාවකින් තොරව කරගෙන යන අයුරක් පෙනෙන්නට තිබේ. රජුගේ තීන්දුව අවසන් තීන්දුව ලෙස පිළිගත් කාලයක් අතීතයේ පැවැතිණි පැරණි භාරතීය කෘතියක් වන කෞටිල්‍ය ගේ අර්ථ ශාස්ත්රයේ දැක්වෙන්නේ ද යුක්තිය යනු බලය විසින් තීරණය කරන්නක් බව ය.එහෙත් දැන් රට ගමන් කරන්නේ ද එම අවදියට ද යන්න ගැන කීමට තවමත් කල් වැඩි ය.
ලසන්ත වීරකුලසූරිය