සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධන තීරණයේ වෙනසක්

වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් රජය ගෙන ඇති තීරණය තව දුරටත් සාකච්ඡා කර අවසන් නිගමනයකට එළඹෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි .සුරා බදු බලපත්‍ර ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් මත්පැන් නිෂ්පාදන ආයතන රැසක් රජයටත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයාටත් දැඩි විරෝධය පළ කර තිබීම ඊට හේතුව ය.මත්පැන් නිෂ්පාදනය සහ අලෙවිය පහළ බැස ඇති අවස්ථාවක මෙලෙස බලපත්‍ර ගාස්තු මුදල් වැඩි කිරීමෙන් ආයතන පවත්වාගෙන යෑම ගැටළුවක් බව එම මත්පැන් නිෂ්පාදන ආයතන හිමිකරුවෝ පෙන්වා දෙති.ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ස්විට්සර්ලන්ත සංචාරය නිමවා දිවයිනට පැමිණීමෙන් පසු මෙම තීරණාත්මක තීරණය ගන්නා බව රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද සුරාබදු ආඥාපනත හරහා රජය 2024 ජනවාරි 12 සිට ක්‍රියාත්මක වන පරිදි වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කිරීමට කලින් තීරණය වී තිබිණ.

කාලීන පුවත්