සුරා සල් ඇරීමට එකඟ වෙන්න බැහැ

නිරෝධායන කාල සීමාව තුළ සුරාසල් විවෘත කිරීමට රජය ගෙන ඇති තීරණය මඟින් කොවිඩ් ව්‍යාප්තිය පාලනයට දැඩි අහිතකර බලපෑමක් එල්ල වන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා එස්. ගුණරත්න මහත්මිය කියයි.

මෙම ක්‍රියා මාර්ගයත් සමඟ මත්පැන් මිලදී ගැනීම සඳහා සුරාසල් ඉදිරියේ ජනතාව රැස්වෙන අයුරු දැකගත හැකි බවත් එය කොවිඩ් මර්දන ක්‍රියාවලියක් පවතින සමයක කෙසේ වත් සිදු නොවිය යුත්තක් බවත් ඇය පෙන්වා දෙයි.

“මේකෙන් මේ වසංගතය පාලනයකරලා යළි රට “කොළ පාට”දක්වා යන ගමනට බාධවක් ඇති වෙනවා .

මේවසංගතය පාලනය කිරීමට සහ ආර්ථිකය නගා සිටුවීමට මේක නිසා ඇති වන අයහපත් බලපෑම නිසා මේ තීරණයට කෙසේ වත් එකඟ වෙන්න බැහැ”විශේෂඥ වෛද්‍ය පද්මා එස්. ගුණරත්න මහත්මිය වැඩි දුරටත් කීවාය.

කාලීන පුවත්