සුවබර දිවියකට අත්‍යවශ්‍ය ජල පානය – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

water world Kelaniya water supply and drainage board national water board leisureworld water park water edge hotel blue water hotel

මිනිස් සිරුරේ පැවත්මට ජලය පානය අත්‍යවශ්‍ය සාධකයකි. ඔබ දන්නවාද අපගේ සිරුරට මෙලෙසින් ජලය පානය කිරීම අත්‍යවශ්‍ය වී තිබෙන්නේ ඇයිදැයි කියා?

සිරුරේ බොහෝ ක්‍රියාකාරකම් නිසි ලෙස සිදුවිමට නම් ජලය අවශ්‍යම සාධකයක්. ආහාර ජීර්ණ පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වීමටත්, සිරුරේ සෛල වෙත ඔක්සිජන් සහ පෝෂ්‍ය පදාර්ථ රැගෙන යාමටත්, බහිස්‍රාවය එනම් සිරුරේ ක්‍රියාකාරකම් තුලින් නිපදවෙන අපද්‍රව්‍ය ඉවත් කිරීමටත්, ඉන්ද්‍රියයන් සහ සන්ධිවල ආරක්ෂාව සඳහා තිබිය යුතු ස්නේහකයන් නිපදවීමටත්, සිරුරේ තිබිය යුතු උෂ්නත්වය අවශ්‍ය මට්ටමේ පවත්වා ගෙන යාමටත් ජලය උපකාර වෙනවා.  සිරුරේ ජීවය පවත්වාගෙන යන රුධිරයේ ප්‍රධාන සංඝටකයක් වන රුධිර ප්ලාස්මාවේ පරිමාව නිසි ලෙස තබා ගැනීමටත් ජලය වුවමනා කරනවා. තවද සිරුරේ ලවණ සාන්ද්‍රණ අගයන් නිසි ලෙස පවත්වා ගැනීමටත්, ආහාර දිරවීමේ ක්‍රියාවලියටත්, සිරුරේ පටකවල තිබිය යුතු තෙතමනය පවත්වා ගැනීමටත් ජලය ඕනෑ කරනවා. නාසය තුල, මුඛයේ සහ ඇස්වල තෙතමනය කොතරම් වැදගත් ද කියා අප හැම දෙනෙකුම දන්නේ කුමන හෝ හේතුවකින් ඒවා වියළී ගිය ගොත් අපට දැනෙන අපහසුතාවයන් බොහෝ දෙනෙකුම අත් විඳ ඇති නිසාය. මෙලෙසින් එම ඉන්ද්‍රියයන් තුල තෙතමනය පවත්වා ගැනීමටත් ජලය සිරුරට අවශ්‍යයි.

අප එතරම් තැකීමක් නොකළද මතකය අඩු වීම, මනසේ ඒකග්‍රතාවය අඩු වීම සහ නොසන්සුන් මනසක් ඇතිවීම වැනි කරුණු පිටුපස ද මේ අවශ්‍ය තරමට ජලය පානය නොකිරීම යන හේතුව තිබෙනවා.

අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය නොකළ විට සිරුරට සිදුවන හානි මොනවාද කියා විමසා බලමු.

ඔබ අවශ්‍ය තරමට ජලය පානය නොකළ විට ඔබේ සිරුර විජලන තත්වයට (dehydration) පත් වෙයි. එසේ වූ විට ඔබට මහත් තෙහෙට්ටුවක් දැනෙනු ඇත. ඊට අමතරව කරකැවිල්ල, හිසරදය, සම වියළී යාම, තොල්, උගුර සහ මුඛය ඇතුලත වියැලීම වැනි ලක්ෂණ ඔබට දැනෙනු ඇත. එමෙන්ම මුත්‍රා තද පැහැයක් ගැනීම, මල බද්ධය නිසා මලපහ කිරීම අපහසු වීම, ඇස් ගිලී යාම සහ ඇස් යට කලු පැහැ වීමද දැකිය හැකි වනු ඇත. අප එතරම් තැකීමක් නොකළද මතකය අඩු වීම, මනසේ ඒකග්‍රතාවය අඩු වීම සහ නොසන්සුන් මනසක් ඇතිවීම වැනි කරුණු පිටුපස ද මේ අවශ්‍ය තරමට ජලය පානය නොකිරීම යන හේතුව තිබෙනවා.

සිරුරට අවශ්‍ය තරම් ජලය නොලැබෙන විට එය හදවතටත් හානිකර බව ඔබ දැන සිටියාද? එවිට අඩු රුධිර පරිමාවකින් සිරුරට අවශ්‍ය තරමට ඔක්සිජන් සැපයීම සඳහා හදවතට වැඩි වෙහෙසක් දැරීමට සිදු වෙනවා. එසේ වැඩි ප්‍රයත්නයක් දැරීමට සිදුවීම නිසා හෘද ස්පන්දන වේගය වැඩි වීම සහ හෘද ස්පන්දනයේ අක්‍රමවත් බවක් ඇති වීම දකින්නට ලැබෙනවා. විජලනය දරුණු ලෙස සිරුරට බලපාන විට රුධිර කැටි ගැසීම තුලින් හෘදයාබාධ සහ ආඝාත තත්වයක් ඇතිවීම පවා සිදුවන්නට පුලුවන්. දරුණු විජලන තත්වයක් හේතුවෙන් කෙනෙකු මිය යාමට වුවත් ඉඩ තිබෙනවා.

මිනිස් සිරුරේ නිසි ක්‍රියාකාරිත්වයට ජලය කෙතරම් වැදගත් සාධකයක්ද කියා ඔබ දැන් දන්නවා. දිනක් තුල දී කොපමණ ප්‍රමාණයක් ජලය පානය කළ යුතුද කියා සිතා බලා තිබේද? ආසියාතික රටක ජීවත් වන පිරිමියකුට අවම වශයෙන් දිනකට ජලය ලීටර් 2.0 ක් පමණ සහ කාන්තාවකට දිනකට ජලය ලීටර් 1.8 ක් පමණ පානය කිරීම අවශ්‍ය වෙනවා.

විජලන තත්වයට පත් නොවුනත් අවශ්‍ය තරමින් ජලය පානය නොකිරීම ඔබ පුරුද්දක් විදියටම කරගෙන ගියහොත් වකුගඩුවල ගල් ඇතිවීම, මුත්‍රා ආසාදනයන් ඇතිවීම වැනි සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණ දීමට සිදු වෙනවා.

මිනිස් සිරුරේ නිසි ක්‍රියාකාරිත්වයට ජලය කෙතරම් වැදගත් සාධකයක්ද කියා ඔබ දැන් දන්නවා. දිනක් තුල දී කොපමණ ප්‍රමාණයක් ජලය පානය කළ යුතුද කියා සිතා බලා තිබේද? ආසියාතික රටක ජීවත් වන පිරිමියකුට අවම වශයෙන් දිනකට ජලය ලීටර් 2.0 ක් පමණ සහ කාන්තාවකට දිනකට ජලය ලීටර් 1.8 ක් පමණ පානය කිරීම අවශ්‍ය වෙනවා. නමුත් ගර්භනී කාන්තාවන් සහ කිරි දෙන මවුන් මීට වඩා වැඩි ජල ප්‍රමාණයක් පානය කළ යුතු වෙනවා. සිරුරේ බර, කරනා රැකියාව  සහ ක්‍රියාශීලී වන ප්‍රමාණය, දවසේ කාලගුණය සහ පවතින රෝග තත්වයන් අනුව මෙම සාමාන්‍ය අගයන් තව දුරටත් වෙනස් විය හැකියි. පෙර කාලයේ සිට සම්මතයක් සේ කියවෙන කරුණ නම් ඕනෑම වැඩිහිටි අයකු දිනකට වතුර වීදුරු 8 ක් පානය කිරීම කළ යුතු බවයි.

සිරුරට අවැසි ජලය ප්‍රමාණය ලබා ගත හැක්කේ ජල පානය කිරීම තුලින් පමණක්ද?

නැහැ. අප ගන්නා සෑම ආහාරයකින්ම සහ වෙනත් පාන වර්ග මාර්ගයෙනුත් සිරුරේ ජල අවශ්‍යතාවයට යම් මෙහෙයක් ඉටු වෙනවා. පලතුරු, එළවලු, සුප්, බීම වර්ග, තේ, කෝපි, කිරි වැනි ආහාර පාන වලිනුත් සිරුරට ජලය ලැබෙනවා.

දවසේ ක්‍රියාකාරකම් තුලින්, එනම් සිරුර වෙහෙසීම, උණුසුම් දිනවල සිදුවන දහදිය දැමීම, මුත්‍රා සහ මල පිටවීම වැනි දෑ නිසා සිරුරට අප ලබා දෙන ජලය සිරුරෙන් පිට වෙනවා. එනිසා නිරන්තරයෙන්ම ජලය හෝ වෙනත් පාන වර්ග ලබා ගැනීම මගින් අප ඒ පිට වන ජල ප්‍රමාණය යලිත් සිරුරට ලබා දිය යුතුයි. එසේ නොවුන කල සිරුර විජලන තත්වයට පත් වෙනවා.

සිරුරේ බර අනුව දිනකට පානය කළ යුතු අවම ජල ප්‍රමාණය දළ වශයෙන් ලීටර්  වලින්

water world Kelaniya water supply and drainage board national water board leisureworld water park water edge hotel blue water hotel

සිරුරේ ක්‍රියාකාරිත්වයට නිසි පමණට ජලය පානය කිරීම කෙතරම් වැදගත් ද කියා දැන් ඔබ දන්නා බැවින් ඔබ බොහෝ කාර්ය බහුල අවස්ථාවක දී පවා ජලය පානය කිරීම කළ යුතු බව මතක තබා ගන්න. විශේෂයෙන් අවු රස්නය ඇති තැන්වල ගැවසෙන විට ඉහත පෙන්වා දී ඇති ප්‍රමාණයන්ටත් වඩා වැඩියෙන් ජලය පානය කළ යුතු වෙනවා.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

සටහන – යමුනා සරෝජනී ගුණවර්ධන

දොස් දුරු කරවන දොස්තර උපදෙස්