සුවබර දිවියකට අවැසිම විවේකය – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

vinivida
විවේකය මිනිස් සිරුරට කෙතරම් වැදගත් ද කියා ඔබ දැන සිටියාද? එය හරියටම තේරුම් අරගෙන සිටියා නම් රොබෝ යන්ත්‍ර වගේ කිසිම විවේකයක් නොගෙන එක දිගට වැඩ කරන බොහෝ දෙනෙක් මඳක් විවේක ගැනීමට සිතට ගනීවි. විවේකය යන වචනය ඇසුනු විටම අපට මතකයට එන්නේ කිසිදු වැඩක් නොකර හාන්සි වී හෝ වාඩි වී සිටින ඉරියව්වක් නේද? නමුත් විවේකය කිහිප ආකාරයකින් අර්ථ දක්වන්න පුලුවන්. සිරුරට වගේම මනසටත් විවේකය අවශ්‍ය බව ඔබ හොඳින්ම දන්නා කාරණයක්. විවේක ගැනීම තුලින් අපට ලැබෙන යහපත් ප්‍රතිඵල මොනවාද කියා බලමු.
වඩා හොඳ ශරීර සෞඛ්‍යයක් පවත්වා ගැනීමටත් දවස පුරා වෙහෙස වී වැඩ කරන අයට යළි එම වැයවූ ශක්තිය ලබා ගැනීමට සහ විඩාවට පත් වූ සිරුට නැවත යථා තත්වයට පත් වීමටත් හොඳ විවේකයක් අවශ්‍ය වෙනවා. ඒ විතරක් නොවෙයි අපේ මානසික ස්වභාවය වඩා යහපත් තත්වයක පවත්වා ගැනීමටත් විවේකය අත්‍යවශ්‍ය සාධකයක්. විවේක ගත් විට සිරුරේ ප්‍රතිශක්තිකරණ හැකියාව වර්ධනය වන අතර මාංශ පේශින් වල ක්‍රියාකාරිත්වයද වැඩි දියුණු වේ. එලෙසම සිරුරේ රුධිර පීඩනය නියමිත අගයන් අතර තබා ගැනීමටත්, මානසික ආතතිය අඩුකර ගැනීමටත් විවේකය උපකාරි වෙනවා.
බොහෝ දෙනෙකු අතර තිබෙන පිළිගැනීමක් වන්නේ විවේක ගැනීමට නම් ගෙදරින් පිට නිවාඩුවක් ගත කිරීමට යා යුතුයි කියන කරුණ. නමුත් එලෙස නිවාඩු ගත කිරීමට දුර පළාතකට යාම නිතර කරන්නට අපහසු ක්‍රියාවක්. ඒ විවේකයත් ඉතා වැදගත්. අප මේ කියන්නේ එලෙස විවේක ගැනීම නොව දිනපතා පැය හයක හතක විවේකයක් ගැනීම ඕනෑම පුද්ගලයකුට අවශ්‍ය බවයි. හොඳ නින්දක් තුල මේ විවේක ගැනීම අනිවාර්යෙන් ඔබට ලැබෙනවා. අතර මඟ බාධා නොවී අඩුම තරමින් පැය හයකවත් සුව නින්දක් ලැබිය හැකි නම් එය ඔබේ මොළයේ ක්‍රියාකාරිත්වය මනාව පවත්වා ගැනීමට, හොඳ මතක ශක්තියක් තබා ගැනීමට, මානසික ආතතිය අඩු කර ගැනීමට, වඩා හොඳ තීරණ ගැනීමට හැකි මානසික තත්වයක් ළඟා කර ගැනීමට, ධනාත්මක මනෝභාවයන් සහිතව ජීවත් වීමට සහ දිවා කාලයේ උද්යෝගීව වැඩ කටයුතු කරගැනීමට අවශ්‍ය ශක්තිය සිරුර තුල නිපදවා දීමට උපකාරී වෙනවා.

නිතර මහන්සිය දැනීම, නිදිමත ඇතිවීම, මස්පිඬුවල වේදනාවන් ඇතිවීම, නින්දට යාමේ අපහසුතා තිබීම, දිවාකාලයේ කරනා වැඩවල කාර්යක්ෂමතාවය අඩුවීම, බර වැඩිවීම හෝ අඩුවීම, මනසේ ස්වභාවය අවුල් වීම, නුරුස්සන ස්වභාවයක් ඇතිවීම වැනි ලක්ෂණවලින් පෙන්නුම් කරන්නේ ඔබේ සිරුරට කායික විවේකයක් අත්‍යවශ්‍ය බවයි. තවද යම් දෙයක් කෙරෙහි අවධානය දීමේ අපහසුතාවය, නිතර ලෙඩ රෝග වැළඳීම, මතකය අඩු වීම වැනි සංඥා ද ඔබට ඉක්මණින් දින චර්යාව වෙනස් කර සිරුරට අවැසි තරම් විවේකයක් ගත යුතු මතක් කර දෙයි.

අප විසින් ලබා ගත යුතු විවේකය වර්ග හතකට වෙන් කරන්න පුලුවන්

කායික විවේකය

කායික විවේකය ලැබීමේ හොඳම ක්‍රමය නම් පැය 7ක් පමණ සුව නින්දක් ලබා ගැනීමයි. ඊට අමතරව දිවා කාලයේ විනාඩි 20 – 30 ක පමණ කෙටි නින්දක් ලබා ගැනීමත් සිරුරට හොඳ විවේකයක්.
ක්‍රියාකාරී වෙමින් කායික විවේකය ලැබිය හැකි ක්‍රමත් තිබෙනවා. ඒ සිරුර සම්බාහනය කරගැනීම, යෝග ව්‍යායාමවල යෙදීම, සිරුර ලිහිල් කරන අන්දමට ස්නානය කිරීම, හුස්ම ගැනීමේ අභ්‍යාසවල යෙදීම වැනි ක්‍රියාකාරකම් තුලින්.
නිතර මහන්සිය දැනීම, නිදිමත ඇතිවීම, මස්පිඬුවල වේදනාවන් ඇතිවීම, නින්දට යාමේ අපහසුතා තිබීම, දිවාකාලයේ කරනා වැඩවල කාර්යක්ෂමතාවය අඩුවීම, බර වැඩිවීම හෝ අඩුවීම, මනසේ ස්වභාවය අවුල් වීම, නුරුස්සන ස්වභාවයක් ඇතිවීම වැනි ලක්ෂණවලින් පෙන්නුම් කරන්නේ ඔබේ සිරුරට කායික විවේකයක් අත්‍යවශ්‍ය බවයි. තවද යම් දෙයක් කෙරෙහි අවධානය දීමේ අපහසුතාවය, නිතර ලෙඩ රෝග වැළඳීම, මතකය අඩු වීම වැනි සංඥා ද ඔබට ඉක්මණින් දින චර්යාව වෙනස් කර සිරුරට අවැසි තරම් විවේකයක් ගත යුතු මතක් කර දෙයි.

මානසික විවේකය

භාවනා කිරීමට කාලයක් වෙන් කර ගැනීම, රැකියාවේ යෙදෙන අතරතුර පැය දෙකකට වරක් විනාඩි පහක හෝ විවේකයක් ගැනීම, විනාඩියක් දෙකක් හොඳින් ගැඹුරින් හුස්ම ගැනීම වැනි දෙයින් මානසික විවේකය ලබා ගැනීමට හැකිවෙනවා.
නින්ද නොයෑම සහ යම් තරමක් නින්ද ගියත් උදෑසන අවදි වූ විට මුලු රැයම අවදියෙන් සිටියා මෙන් දැනීම, වැඩවලට අවධානය දීමේ අපහසුතා, නිතර අමතක වීම් සිදුවීම, නුරුස්සන ස්වභාවයක් දැනීම ඔබට මානසික විවේකය අත්‍යවශ්‍ය බව හඟවන ලකුණු වේ.

භාවාත්මක විවේකය

ඔබේ සිතැඟි, මනසේ ස්වභාවය පිළිබඳව හොඳ අවබෝධයක් ඇති කර ගැනීම සහ ඒ පිළිබඳ අවශ්‍ය වෙලාවන් හි දී කථා කිරීම භාවාත්මක විවේකය වෙයි. එනම් ඔබට ඒ වෙනුවෙන් වෙලාව වෙන් කර ගෙන නිදහසේ සිතීමට ඇති හැකියාවයි. බොහෝ විට අන් අය වෙනුවෙන් කැප වී ක්‍රියාකරන අයට තමා ගැන සිතීමට වෙලාවක් නැතිව යයි. එවැනි අය මෙම භාවාත්මක විඩාවට පත්වීමේ ප්‍රවනතාවය වැඩියි. එවැනි අය වීශේෂයෙන්ම තමාගේ මනසේ ස්වභාවය පිළිබඳව කල්පනාකාරී විය යුතුයි.

අධ්‍යාත්මික විවේකය

එක් එක් අයගේ ආගමික විශ්වාස සහ ඇදහිලි අනුව මෙම අධ්‍යාත්මික විවේක ගැනීම වෙනස වෙනවා. එදිනෙදා කරන වැඩ කටයුතුවලින් මඳක් ඈත්වී අපගේ ජීවත් වීමේ අරමුණ කුමක්ද, අප විසින් ඒ වෙනුවෙන් කළ යුත්තේ කුමක්ද කියා සිතින් විමසා බැලීම අධ්‍යාත්මික විවේකය වෙයි. මේ සඳහා භාවනා කිරීම, දන් දීම, සමාජ සේවා වැඩවල යෙදීම, පන්සල්, පල්ලි වල සිදු කරන පූජාමය වැඩ සටහන් ආදියට සහභාගී වීම අධ්‍යාත්මික විවේකය වෙනුවෙන් කළ හැකි ක්‍රියාකාරකම්ය.

අපේ ශක්තීන් උරා ගන්නා, නිතර අප විවේචනය කරමින්, අපව හෙලා දකිමින් අපේ මානසික සුවයට බාධා කරන අය නිසා අපට සමාජයීය විවේකය අහිමි වෙනවා. වැඩි දෙනෙක් මේ ගැන නොසිතුවාට ඔබේ ශක්තීන් සමහර අය ඔබටත් නොදැනිම ඔබෙන් උරාගන්නවා. ඔබට දිරි ගැන්වීමක්, හිතට සහනයක් වෙන වචනයක් හෝ පවසන්නේ නැතිව නිරන්තර හිත් රිදවීම් පමණක් කරන අය නිසා දවස අවසානයේ ඔබට විශාල වෙහෙසක් දැනෙනවා. නමුත් ඔබ හිතෙන්නෙවත් නැති වේවි ඒ වෙහෙස කොහොමද ඇති වුනේ කියලා.

සමාජයීය විවේකය

සමාජයීය විවේකය යනු අපේ මානසික නිදහසට බාධා කරන, අපට ආතතියක් ගෙන දෙන මිනිසුන්ගෙන් ඈත් වී අපට හිතට සහනය දෙන, අපේ වැඩ කටයුතුවලට සහය දෙන සහ අප හොඳින් තේරුම් ගන්නා අය සමග වැඩිපුර කාලය ගත කිරීමයි. අපේ ශක්තීන් උරා ගන්නා, නිතර අප විවේචනය කරමින්, අපව හෙලා දකිමින් අපේ මානසික සුවයට බාධා කරන අය නිසා අපට සමාජයීය විවේකය අහිමි වෙනවා. වැඩි දෙනෙක් මේ ගැන නොසිතුවාට ඔබේ ශක්තීන් සමහර අය ඔබටත් නොදැනිම ඔබෙන් උරාගන්නවා. ඔබට දිරි ගැන්වීමක්, හිතට සහනයක් වෙන වචනයක් හෝ පවසන්නේ නැතිව නිරන්තර හිත් රිදවීම් පමණක් කරන අය නිසා දවස අවසානයේ ඔබට විශාල වෙහෙසක් දැනෙනවා. නමුත් ඔබ හිතෙන්නෙවත් නැති වේවි ඒ වෙහෙස කොහොමද ඇති වුනේ කියලා. ඉතින් ඔබ දක්ෂ විය යුතුයි එවැනි අයට වෙන් කරන කාලය සීමා කරගෙන ඔබව ධනාත්මක සිතුවිලිවලින් පෝෂණය කරන, ඔබව දිරිමත් කරන, අගය කරන සහ ඔබේ කාර්යයන් වලට උදවු කරන අය වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරන්න. එවිට ඔබට සමාජයීය විවේකය ලැබෙනවා.

ඉන්ද්‍රීය විවේකය

අපට අපගේ පංච ඉන්ද්‍රියයන් හරහා විවිධ සංවේදකයන් මගින් දැනෙන, පෙනෙන දේවල් බොහොමයි. විශේෂයෙන් අද කාලයේ රූපවාහිනිය, අන්තර්ජාලය, ජංගම දුරකථන ආදිය නිසා අපට ලැබෙන සංඥා කෙළවරක් නැහැ. ඉතින් එයින් විවේකයක් ගැනීමත් අවශ්‍යම වෙනවා. ඒ වගේම විවිධාකාර ශබ්ද නිසා අපේ සවන් නිතරම කැලඹිලා තියෙන්නෙ. මේ හැම එකකින්ම නිදහස් වෙන්න වෙලාව සොයා ගන්න ඕන. ඩිජිටල් උපකරණ භාවිතය හැකිතාක් අඩුවෙන් පවත්වා ගැනීමට උත්සාහ කරන්න. නින්දට යාමට පැය දෙකකට පෙර මේවා භාවිතයෙන් ඉවත් වෙන්න පුලුවන් නම් හොඳයි. සමහරුන් ගේ රැකියාවේ ස්වභාවය අනුව ඩිජිටල් උපකරණ භාවිතාවෙන් ඉවත් වෙන්න අපහසුයි. නමුත් ඔවුන්ටත් මේ විවේකය ලබා ගැනීමට නම් මේ වෙනුවෙන් කාලයක් සොයා ගැනීම කළ යුතු වෙනවා.
දිනපතා භාවනා කිරීමට විනාඩි 5ක් හෝ වෙන් කිරීමත්, ඉඩ ලැබෙන සෑම විටම නෙත් පියාගෙන ස්වල්ප වේලාවක් ගැඹුරින් හුස්ම ගැනීමත්, මුහුදු වෙරළක හෝ වෙනත් නිස්කංක පරිසරයක ඇවිදීමට යාමත් මෙම විවේකය ලැබිය හැකි මාර්ගයන් ය.

ඔබට කළ හැකි හොඳම දෙය නම් ස්වභාවික පරිසරය සමග බාධාවකින් තොරව සම්බන්ධ වීමයි. කඳුකර පෙදෙසක, මුහුදු වෙරළක, උද්‍යානයක නිදහසේ කාලය ගත කළ හැකි නම් ඉහත සඳහන් කළ අන්දමේ විවේකයක් ඔබට ලැබෙනු ඇති. මීට අමතරව ඉතා මිහිරි සංගීතයට සවන් දීම, කරනා වැඩ තාවකාලිකව නවතා මිතුරු මිතුරියන් සමග විනෝද වීම වැනි ක්‍රියාකාරකම් තුලින් ද ඔබේ නිර්මාණශීලිත්වය වැඩි දියුණු වෙනු ඇති.

නිර්මාණාත්මක විවේකය

මෙම විවේකය ගැන ඔබ සමහර විට මින් පෙර අසා නැතුව ඇති. මේ විවේකය වැඩි වශයෙන් අවශ්‍ය වන්නේ නිර්මාණකරණයේ යෙදෙන අයට සහ මනස වෙහෙසවා රැකියාව කරන අයටයි. ඔබට තවදුරටත් අලුත් අදහස් හිතට එන්නෙ නැහැ කියා දැනෙනවා නම්, ප්‍රශ්න විසඳීමේදී අලුත් ක්‍රමෝපායන්, අලුත් විසඳුම් ඔලුවට එන්නේම නෑ කියා සිතෙනවා නම් ඔබට මේ විවේකය අවශ්‍යයම වෙනවා.
ඒ සඳහා ඔබට කළ හැකි හොඳම දෙය නම් ස්වභාවික පරිසරය සමග බාධාවකින් තොරව සම්බන්ධ වීමයි. කඳුකර පෙදෙසක, මුහුදු වෙරළක, උද්‍යානයක නිදහසේ කාලය ගත කළ හැකි නම් ඉහත සඳහන් කළ අන්දමේ විවේකයක් ඔබට ලැබෙනු ඇති. මීට අමතරව ඉතා මිහිරි සංගීතයට සවන් දීම, කරනා වැඩ තාවකාලිකව නවතා මිතුරු මිතුරියන් සමග විනෝද වීම වැනි ක්‍රියාකාරකම් තුලින් ද ඔබේ නිර්මාණශීලිත්වය වැඩි දියුණු වෙනු ඇති.

දැන් ඔබට පැහැදිලියි නේද අපගේ සිරුරට වගේම මනසටත් එක් එක් ආකාරයේ විවේකයන් අවශ්‍ය බව. සමහර විට ඔබට මෙලෙස සිතන්නටවත් විවේකයක් මීට පෙර තිබුණෙ නැතුව ඇති නේද? විවේකය තුලින් ඔබට ලැබෙන ධනාත්මක දෑ පිළිබඳ හොඳින් විමසා බලා හැකි සැම විටම මේ විවේකයන් විඳ ගන්න උත්සාහ ගන්න. එමඟින් නිරෝගී බව රැක ගන්න.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

සටහන – යමුනා සරෝජනී ගුණවර්ධන

දොස් දුරු කරවන දොස්තර උපදෙස්