සුවය ලැබූ පාප් වහන්සේ අද රෝහලෙන් පිටව යති

පසුගිය දිනවල අයහපත් සෞඛ්‍ය තත්වයයෙන් පසුවනු ලදුව මේ වන විට සුවය ලබා හිඳින ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද (23) රෝමයේ ජෙමෙලි රෝහලෙන් පිටව යාමට නියමිත බව වතිකානය නිවේදනය කොට තිබේ.එමෙන්ම උන් වහන්සේ රෝහලෙන් පිටව යාමට පෙර ජනතාව හමුවීමට නියමිත බව ද පැවසෙයි.ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වහන්සේ රෝහල්ගත කිරීමෙන් පසු ප්‍රසිද්ධියේ පෙනී සිටින පළමු අවස්ථාව මෙය වන අතරමේ වන විටත් ලොව පුරා වෙසෙන ජනතාව පාප් වහන්සේගේ සුවය පතා යාඥා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබේ.88 හැවිරිදි වියෙහි පසුවන උන්වහන්සේට ඇති වූ දරුණු ශ්වසන ආබාධයක් සහ නිව්මෝනියා තත්ත්වයක් හේතුවෙන් පසුගිය පෙබරවාරි 14 වන දින රෝහල්ගත කළ පසුගිය සති පහක පමණ කාලය තුළදී උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වූවද මේ වන විට පාප් වහන්සේ සුවය ලබා ඇති බව වෛද්‍ය ආරංචි මාර්ග ද තහවුරු කොට තිබේ.එසේම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉදිරි කාලය තුළ පාස්කු සැමරුම් සඳහා ද එක්වීමට නියමිත බව පැවසෙයි.

කාලීන පුවත්