“සෙල්ලම් පිස්තෝල නගරාධිපති” ඉල්ලා අස්වෙයි

පසුගිය කාලයේ මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ විශේෂ කතා බහකට ලක් වූ හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා අද(10) සිය ධුරයෙන් සේම නගර සභික ධුරයෙන් ද ඉල්ලා අස් වී තිබේ.

අද දහවල් හම්බන්තොට මහනගර සභා මාසික රැස්වීමට එක් වූ නගරාධිපතිවරයා සභාව අමතමින් මේ බව දැනුම් දී ඇත.

2010 වසරේ සිට මේ දක්වා හම්බන්තොට මහනගර සභාවේ නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ එරාජ් ප්‍රනාන්දු මහතා .2014 අපියෙල් 17 වන දින මත්තල ගුවන් තොටුපල හා හම්බන්තොට වරායේ නිරීක්ෂණ චාරිකාවක යෙදුන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිසක් වු එරාන් වික්‍රමරත්න, අජිත් මාන්නප්පෙරුම, අජිත් පී. පෙරේරා ,ආර්. යෝගරාජන් ඇතුළු පිරිසකට එල්ල වූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් අත් අඩංගුවට පත් වූ අතර ඔහු විසින් එහි දී කරන ලද සාපරාධී බිය වැද්දීම සඳහා යොදා ගත් ගිනි අවිය සෙල්ලම් පිස්තෝලයක් බව ඔහු විසින් අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීමත් සමඟ ප්‍රනාන්දු මහතා “සෙල්ලම් පිස්තෝල නගරාධිපති” ලෙස ප්‍රසිද්ධියට පත් විය. පසුගිය වසරේ නොවැම්බර් 11 වන දා කොල්ලුපිටියේ 10 වන පටුමගේ පිහිටි ඉඩමක කන්ටේනරයක් සිය නිවස කරගෙන ජීවත්වූ පිරිසකට පහරදී එයින් එළියට ඇද දමා බහලුම රැගෙන සිදුවීමක් සම්බන්ධයෙන් ද ඔහු ගේ නම සමාජයේ ප්‍රසිද්ධ විය.

කාලීන පුවත්