තැපැල් දෙපාර්තමේන්තුව තුළ පවතින සේවක හිඟය හේතුවෙන් දිවයිනේ ඇතැම් තැපැල් කාර්යාල වැසී යාමේ අවදානමක් මතුව ඇති බව තැපැල් සේවකයෝ පෙන්වා දෙති. දෙපාර්තමේන්තු සමස්ත කාර්යමණ්ඩලය 6,000 කට ආසන්නව සිටිය යුතු වුවද වර්තමානයේ එම සංඛ්‍යාව 4,000ක් තෙක් පහත වැටී ඇති බව පැවසෙයි.මේ වන විට එම දෙපාර්තමේන්තුව තුළ ස්ථානාධිපතිවරුන්ගේ සහ සාමාන්‍ය තැපැල් සේවකයින් 1,600 කගේ පමණ හිඟයක් පවතින බව වාර්තා වෙයි.මෙම හිඟ පුරප්පාඩු සපුරා ගැනීම පිණිස 2018 වසරේ සිට සේවකයන් බඳවාගැනීමට අවසර ඉල්ලා ඇතත් මෙතෙක් ඊට රජයේ පාර්ශවයෙන් අනුමැතිය හිමිව නොමැති බව සඳහන් ය.එම සේවක හිඟයට තාවකාලික පිළියමක් ලෙස තැපැල් විශ්‍රාමික නිලධාරීන් 500 ක් කොන්ත්‍රාත් පදනම මත සේවයට බඳවා ගැනීමට යෝජනා වුවද එය ද ක්‍රියාත්මක වී නොමැති බව දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කරයි.