රජයේ පශු වෛද්‍යවරුන්ගේ සේවාව වැඩිපුර අවශ්‍ය ප්‍රදේශ වලට වැඩි පශු වෛද්‍ය වරුන් පිරිසක් සේවයේ යෙදවීම පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අවධානය යොමු වී තිබේ. දැනට රජයේ පශු වෛද්‍යවරුන්ගේ දැඩි අවශ්‍යතාවයක් නොමැති ප්‍රදේශවලට පවා පශු වෛද්‍ය නිලධාරින් සේවයේ යොදවා තිබීම මගින් අවශ්‍යතා පවතින බොහෝ ප්‍රදේශවලට ඔවුන්ගේ සේවාවන් ලබා දීම ඉතාමත් දුෂ්කර වී ඇතැයි පශු වෛද්‍ය සංගමය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පෙන්වා දී තිබේ.විශේෂයෙන් බස්නාහිර පළාතේ ඇතැම් ප්‍රදේශවලට රජයේ පශු වෛද්‍යවරුන්ගේ සේවාව අවශ්‍ය නොවන බව එම සංගමය පෙන්වා දී ඇත.එම නිසා එවැනි ප්‍රදේශවල සිටින පශු වෛද්‍යවරුන් එම සේවාව අත්‍යාවශ්‍ය ප්‍රදේශවලට මාරු කිරීම මගින් ඔවුන්ගෙන් විශාල සේවයක් ලබාගත හැකි බව ද එම සංගමය පෙන්වා දී තිබේ.මේ නිසා එම සේවා අවශ්‍යතා මත පදනම් ව පශු වෛද්‍යවරුන් අත්‍යවශ්‍ය ප්‍රදේශවලට මාරු කිරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් ලබා දී ඇත.