අප රටේ ජනාධිපතිවරණ උණුසුම කෙමෙන් ආසන්න වෙමින් පවතියි. සියලු දෙයම දේශපාලනික වෙමින් පවතී. සෑම දෙයක් දෙසම දේශපාලනයට අනුව බලන්නට මනස හුරු වී තිබේ. සමාජ විද්‍යාවේ මෙය හඳුන්වනු ලබන්නේ Politicization නමිනි. ඕනෑම සමාජයක් තුළ එය සාමාන්‍ය ස්වභාවයකි. මේ පවතින පාලන ක්‍රමය හුදෙක් නව දේශපාලන නායකයන් වෙනස් කිරීමෙන් පමණක් සිදු වේ යැයි බොහෝ දෙනෙක් කල්පනා කරති. නමුත් එම මතය ප්‍රායෝගික ද යන්න පිළිබඳ අප සැලකිලිමත් විය යුතුය. සැබෑ තත්ත්වය වන්නේ ජනතාවගේ ආකල්ප වෙනස් නොකොට දේශපාලනඥයන්ට පමණක් මේ සැබෑ වෙනස සිදු කළ නොහැකි බවය. තවත් ලෙසකින් පවසතොත් ජනතාව සිය ආකල්ප වෙනස් කර නොගෙන හුදෙක් දේශපාලකයන්ට පමණක් මේ ක්‍රමය වෙනස් කළ නොහැකිය. එය අපට මේ අයුරින් තේරුම් ගත හැකිය. එනම් මොළය කෙතරම් හොඳින් ක්‍රියාකාරී වුව ද, අත පය වැනි සෙසු ශරීරාංග නිවැරදිව ක්‍රියාත්මක නොවේ නම් මොළය බලාපොරොත්තු වන යාන්ත්‍රණය ඒ ආකාරෙයෙන්ම සිදු වන්නේ නැති බවය.
අප රටේ රාජ්‍ය සේවය පිළිබඳ සලකා බලමු. සැබවින්ම අප දැන් අත්දකින රාජ්‍ය සේවය කිසිසේත් සතුටු විය හැකි තත්ත්වයක පවතින්නේ නැත. වංචා, දූෂණ, අල්ලස්, අක්‍රමිකතා රාජ්‍ය සේවය තුළ සුලබ තත්ත්වයක් බවට පත්ව තිබේ. එයට අමතරව එය දැඩි අකාර්යක්ෂමතාවක් පවතී. කෙසේ නමුත් මේවා සම්බන්ධව නිදහසට කරුණු රාජ්‍ය සේවකයන්ගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් වනු ද දකින්නට හැකිය. නමුත් ඔවුන් එසේ කරුණු ඉදිරිපත් කිරීමෙන් පවා උත්සාහ දරන්නේ එම ක්‍රමය හෝ ආකල්ප වෙනස් කර ගැනීමට නොව එම කරුණු ඉදිරියට දමා පවතින ක්‍රමය තුළ ම සැඟවී සිටීමට ය.
අපි උදාහරණයක් ලෙස අප රටේ රාජ්‍ය සේවය පිළිබඳ සලකා බලමු. සැබවින්ම අප දැන් අත්දකින රාජ්‍ය සේවය කිසිසේත් සතුටු විය හැකි තත්ත්වයක පවතින්නේ නැත. වංචා, දූෂණ, අල්ලස්, අක්‍රමිකතා රාජ්‍ය සේවය තුළ සුලබ තත්ත්වයක් බවට පත්ව තිබේ. එයට අමතරව එය දැඩි අකාර්යක්ෂමතාවක් පවතී. කෙසේ නමුත් මේවා සම්බන්ධව නිදහසට කරුණු රාජ්‍ය සේවකයන්ගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් වනු ද දකින්නට හැකිය. නමුත් ඔවුන් එසේ කරුණු ඉදිරිපත් කිරීමෙන් පවා උත්සාහ දරන්නේ එම ක්‍රමය හෝ ආකල්ප වෙනස් කර ගැනීමට නොව එම කරුණු ඉදිරියට දමා පවතින ක්‍රමය තුළ ම සැඟවී සිටීමට ය. දැනට වසර ගණනාවක් ආපස්සට ගොස් බැලුවහොත් ඇතැම් ආයතනවල රාජ්‍ය සේවකයන්ට හිඳ ගැනීමට හරියාකාර අසුනක් හෝ නොතිබුණු අවස්ථා පිළිබඳ වාර්තා වී තිබේ. තිබෙන අසුන් අබලන් වී හෝ මකුණන් වැනි සතුන් බෝ වී තිබීම හෝ දකින්නට හැකි විය. එය ඇතැම් අවස්ථාවල දැඩි දුෂ්කරතාවකින් සිදු කළ යුත්තක් විය. නමුත් වර්තමානය වන විට වායු සමීකරණය නොමැතිව රාජ්‍ය සේවය කරන්නට නොහැකි යැයි අදහස් පළ කරන අයද දක්නට ලැබේ. පහසුකම්, ගෙවීම් ආදිය ප්‍රමාණවත් නොවන බව පවසමින් මැසිවිලි නගනු දකින්නට ලැබේ. සෙසු සාමාන්‍ය ජනතාවගෙන් පළවන්නේ ද මේ හා සමානම අදහස්ය.
වෙනසක් බලාපොරොත්තු වන බොහෝ දෙනෙක් අමතක කරන දෙයක් වන්නේ සොබා දහමය. සමාජ ක්‍රමය පිළිබඳ සිතන්නට පෙර සොබා දහම පිළිබඳ, මිනිසා, මිහිතලය සහ සොබා දහම අතර පවතින අවියෝජනීය සබඳතාව තහවුරු විය යුතුය. එය රැකගෙන වර්ධනය කරන තැනට මිනිස් ආකල්ප හැඩ ගස්වා ගත හැකි නම් මේ ක්‍රමය ද ඉබේම වෙනස්වන බව තේරුම් ගන්නට උත්සාහ කරනා කිසිවකු හෝ සිටින බවක් පෙනෙන්නේ නැත. ලොව ප්‍රකට ඉන්දීය දාර්ශනිකයකු වූ ජේ. ක්‍රිෂණ්මූර්ති වරෙක මෙසේ පවසා තිබේ.“සොබා දහම පිළිබඳ හැඟීම ඔබගෙන් ගිලිහී ගිය කල මනුෂ්‍යත්වය පිළිබඳ හැඟීම ද ඔබෙන් ගිලිහී යනු ඇත.”
සාමාන්‍ය ජනතාව නිරන්තරයෙන් පවසන දෙයක් වන්නේ මේ සමාජය, රට ගොඩනැගීමේ සම්පූර්ණ වගකීම ඇත්තේ දේශපාලකයාට මිස ජනතාවට නොවන බවය. ජනතාව වශයෙන් ‘අපි හැදී රට හදමු’ වැනි අදහසක් පළ වනු දක්නට ලැබේ ඒ ඉතාමත් කලාතුරකින් වන අතර, එය ද හුදෙක් ප්‍රචාරාත්මක කටයුතුවලට පමණි. ජනතාව වෙනස් වුවහොත්,මේ යාන්ත්‍රණය ද ඉබේම වෙනස් වන බව පවසන කිසිවෙකු නොමැති තරම්ය.
වෙනසක් බලාපොරොත්තු වන බොහෝ දෙනෙක් අමතක කරන දෙයක් වන්නේ සොබා දහමය. සමාජ ක්‍රමය පිළිබඳ සිතන්නට පෙර සොබා දහම පිළිබඳ, මිනිසා, මිහිතලය සහ සොබා දහම අතර පවතින අවියෝජනීය සබඳතාව තහවුරු විය යුතුය. එය රැකගෙන වර්ධනය කරන තැනට මිනිස් ආකල්ප හැඩ ගස්වා ගත හැකි නම් මේ ක්‍රමය ද ඉබේම වෙනස්වන බව තේරුම් ගන්නට උත්සාහ කරනා කිසිවකු හෝ සිටින බවක් පෙනෙන්නේ නැත. ලොව ප්‍රකට ඉන්දීය දාර්ශනිකයකු වූ ජේ. ක්‍රිෂණ්මූර්ති වරෙක මෙසේ පවසා තිබේ.
“සොබා දහම පිළිබඳ හැඟීම ඔබගෙන් ගිලිහී ගිය කල මනුෂ්‍යත්වය පිළිබඳ හැඟීම ද ඔබෙන් ගිලිහී යනු ඇත.”
මෙයින් අප තේරුම් ගත යුත්තේ ස්වාභාවික යුක්තිය යන්න මිනිසුන් තේරුම් ගත යුතුය යන්නය. එය තේරුම් නොගෙන මේ ක්‍රමය කිසිසේත් වෙනස් කළ නොහැකිය. කුඩා දරුවාගේ සිට මිනිසා, සතා සීපාවා, ගහකොළ ආදී පාරිසරික සාධක, භෞමික සාධක සමග අපගේ ඒකාබද්ධතාවක්, සහජීවනයක් (coexistence) නොමැතිව මේ වෙනස සාක්ෂාත් කර ගත නොහැකිය.
“ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතාව උදෙසා ජනතාව විසින් පාලනය කරනු ලබන රජයකි’ (democracy is a government “of the people, by the people, and for the people) යනුවෙන් හිටපු ඇමරිකානු ජනාධිපතිවරයකු වූ ඒබ්‍රහම් ලින්කන් වරෙක පවසා තිබේ. ඔහු මේ ප්‍රකාශය පවසන කාලය වන විට මිනිසා පරිසරයක් සමග දැඩි සම්බන්ධතාවකින් පසු විය. නමුත් අද වන විට මිනිසා දේශපාලනයේ යෙදෙන්නේ පරිසරය සමග ඇති සබඳතාවය බිඳ දමා ගනිමිනි. මේ ප්‍රවණතාව තුළින් මිනිසාට, රටට, සමාජයට හෝ ලෝකයට හෝ කිසිදු යහපතක් සිදුවන්නේ නැත. එබැවින් ප්‍රජාන්ත්‍රවාදය පිළිබඳ ලින්කන්ගේ මතය තුළින් පිළිබිඹු වන්නේ අසම්පූර්ණ ක්‍රමයකි. බුදු දහමේ දීඝ නිකායේ චක්කවත්ත සිහනාද සූත්‍රයේ කියවෙන්නේ රාජ්‍ය පාලනය යනු මිනිසුන්ට පමණක් සුවසෙත උදාකරවන්නක් නොවිය යුතුය යන්නය. නමුත් අද සමාජය තුළින් මේ පුරුෂාර්ථ ගිලිහී ගොස් හමාරය. එබැවින් ලෝකයේ පහළ විය යුත්තේ මිනිසා සහ සොබා දහම අතර ඇති සබඳතාව බිඳී නොගනිමින් ගොඩ නගා ගත යුතු පාලන ක්‍රමයකි. මිනිසුන් තුළ අදහස්, ආකල්ප සහ ක්‍රියාන්විතයන් මේ ඔස්සේ සකස් විය යුතුය. කවුරුන්, කෙලෙස රටක නායකයා ලෙස පත් වුව ද මේ ඔස්සේ පාලන ක්‍රමයක් සකස් කර එයට සමගාමී ආකල්ප සහ අදහස් ගොඩ නගා නොගතහොත් ජනතාව අපේක්ෂා කරන වෙනස කිසිදාක සාක්ෂාත් කර ගත නොහැකි වනවා නිසැකය.
නිරංජන් චාමින්ද කරුණාතිලක