අධික වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව ඓතිහාසික සෝමාවතිය රජමහ විහාරස්ථානය සහ මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීමෙන් එම පරිශ්‍රයේ සිර වූ හිමිවරු පස්දෙනෙක් සහ බැතිමත්හු 75 දෙනෙක් ආරක්ෂක අංශ විසින් ආරක්ෂක ස්ථාන කරා අද (31) යොමු කරන ලදි.
සෝමවතිය ප්‍රදේශය අඩි අටක් පමණ ජලයෙන් යට වී ඇතැයි පොලිසිය පවසයි. මේ හේතුවෙන් සෝමාවතිය පුදබිම වන්දනාමාන කිරීම සාමාන්‍ය ජනතාවට තාවකාලිකව අහිමිව ඇත.
සෝමාවතිය නායක ස්වාමීන් වහන්සේ හෙලිකොප්ටරයක් යොදවා ආරක්ෂිතව පොළොන්නරුවට වැඩම්මවන ලදි.