සෝමාවතී පුදබිමට යන මඟ ජලයෙන් යටවෙයි

පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හේතුවෙන් සෝමාවතිය පුදබිමට යන මාර්ගය ජලයෙන් යටවීමෙන් වාහන ගමනාගමනයට ඊයේ (14දා) දැඩි බාධා එල්ල වී තිබේ.පුලස්තිගම පොලිස් වසමේ සුංගාවිල – සෝමාවතිය මාර්ගයේ සෝමාවතිය පුදබිම ආසන්නයේ පිහිටි දිග්ගල ප්‍රදේශයේ සිට කිලෝමීටර් 2ක් පමණ කොටස ගංවතුරින් යට වී ඇත.13 වැනිදා සිට පවතින අධික වර්ෂාව නිසා මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යෑමෙන් මෙම ගංවතුර තත්වය හටගෙන ඇත. මේ හේතුවෙන් රථවාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම අඩාla වී තිබේ.සෝමාවතිය වන්දනා කර බස් රථවලින් පිටත්ව යෑමට සූදානම් වූ බැතිමතුන් 100ක් එහි ගංවතුරට කොටු වී සිටින බව වාර්තා වේ.මේ අතර සෝමාවතිය වන්දනා කිරීමට පැමිණ සිටි පිරිස් ඔවුන් පැමිණි බස් රථවලින් වැලිකන්ද ප්‍රදේශයෙන් පිටත් කර හැරීමට පොලිසිය පියවර ගෙන තිබේ. මේ මාර්ගයේ ට්‍රැක්ටර් මගින් පමණක් ගමන් කළ හැකි බව පොලිසිය කියයි.ජීවිත හානි වළක්වා ගැනීම සඳහා පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් රාජකාරියේ යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

කාලීන පුවත්