සෞඛ්‍ය ප්‍රතිපත්තියක් සැකසීමට යෝජනා ඉදිරිපත් කරන්න – ඇමති නලින්ද

සෞඛ්‍ය සේවාවේ සියලු අංශ ඇතුළත් සෞඛ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමට බලාපොරොත්තු වන බවත්, ඒ සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලා සිටින බවත් ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් සමඟ පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදීයි.

ආයුර්වේද වෛද්‍ය සේවා පනතක් ස්ථාපිත කිරීම, ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය තුළ දේශීය වෛද්‍ය ක්‍රමය විධිමත් ව ස්ථාපිත කිරීම, ආයුර්වේද පනත හා ආයුර්වේද සංග්‍රහය නව සංශෝධනයකට ලක් කිරීම, මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණය සඳහා ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය සේවාව සංවර්ධනය කිරීම, රැකියා විරහිත උපාධිධාරී ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් හට රැකියා ලබාදීම, සෞඛ්‍ය චක්‍ර ලේඛනවලට අදාළව හිමි දීමනා ලබාගැනීම, ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සංවිධාන ව්‍යුහය යථාවත් කිරීම ඇතුළු රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරින්ගේ ඉල්ලීම් කිහිපයක් පිළිබඳ ව මෙහි දී දීර්ඝව සාකච්ඡා කෙරුණි.

කාලීන පුවත්