රට විවෘත කර ඇති තත්වයක් මත ජනතාව වගකීමෙන් තොරව හැසිරෙන බව නිරීක්ෂණය වන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
දින 20කට පසුව මෙරට දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව පෙරේදා (05) දිනයේ 600 සීමාව ඉක්මවා ගිය අතර ඊයේ (06) දිනයේත් නව ආසාදිතයින් 617 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඒ අනුව අඛණ්ඩව දෙවන දිනටත් කොවිඩ්-19 ආසාදිතයින් 600 සීමාව ඉක්මවා ගොස් තිබුණි.
මේ අතර පෙරේදා දිනයේත් කොවිඩ් ආසාදිත මරණ 20 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළේය.
පවතින තත්වය මත උත්සව පැවැත්වීම සදහා ඉක්මණින්ම සීමා පැනවිමට සිදුවනු ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ පවසයි.