සෞඛ්‍ය අංශ දන්සල් වලට එබී බලයි

සෞඛ්‍ය අංශ දන්සල් වලට එබී බලයි ඉදිරි වෙසක් සමයේ දිවයින පුරා දෙන දන්සැල් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විට ඒ ඒ ප‍්‍රදේශවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මඟින් ආරම්භ කර තිබේ.පැවැත්වීමට බලාපොරොත්තු වන දන්සැල් වර්ගය, පවත්වනු ලබන දින ගණන, ස්ථානයන්, පරිසරයේ ස්වභාවය ආදිය පිළිබඳව සඳහන් කර ලිපියක් ප‍්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලබා දී ඒවා සඳහා ලියාපදිංචිය ලබා ගත හැකි බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.එම දන්සල් සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයන් මගින් ලියාපදිංචිය ලබා දුන් පසුව දන්සල පැවැත්වීමට පෙර එහි භාවිත කරන අමු ද්‍රව්‍ය පිළිබඳව පරික්ෂා කෙරෙන අතර පිසූ ආහාර පරීක්ෂා කිරීම ද අඛණ්ඩව සිදුකරන බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.වෙසක් සමයේ දන්සල් වලින් මහජනතාව වෙත සැපයෙන ආහාර පාන වල සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීම මෙහි අරමුණ ය.

කාලීන පුවත්