සෞඛ්‍ය අංශ වෙතින් දෙමව්පියන්ට දැනුවත් කිරීමක්

ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ළමුන් අතර ශීඝ්‍රයෙන් පැතිර යන බව රිජ්වේ ආර්යා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

අධික උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, වැනි රෝග ඇති දරුවන් පාසල්වලට, පෞද්ගලික පන්තිවලට හෝ ළමා සුරැකුම් මධ්‍යස්ථානවලට නොයවන ලෙසට විශේෂඥ වෛද්‍යවරයා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.

දරුවන්ට ශ්වසන අපහසුතා ඇති නම්, ඔවුන් නියුමෝනියාවෙන් පීඩා විඳිය හැකි බැවින් ළඟම ඇති රෝහලට ගෙන ගොස් ප්‍රතිකාර කරන ලෙසද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා වැඩිදුරටත් සඳහන් කරයි.

කාලීන පුවත්