සෞඛ්‍ය වර්ජනය අත්හිටුවීමට කතා බහක්

සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය අත්හිටුවීම සම්බන්ධයෙන් සළකා බැලීම පිණිස සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ විධායක කාරක සභාව අද(13)රැස්වීමට නියමිතය.සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් රජයෙන් කරන ලද ඇතැම් ඉල්ලීම් වසර ගණනාවක් තිස්සේ නොවිසඳුණු ඒවා බව පවසන අමාත්‍යාංශ ආරංචි මාර්ග සෞඛ්‍ය සේවක ගැටලු‍ විසඳීම සම්බන්ධයෙන් නම්‍යශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට අමාත්‍යාංශය නිරන්තරයෙන් සූදානම් බව ද පවසයි.දින ගණනාවක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වූ වර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල් වෙත පැමිණි රෝගීන් බරපතල අපහසුතාවයන්ට පත් වූ අතර, අධිකරණ නියෝගයක් පදනම් කොට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ඊයේ එම වර්ජනයෙන් ඉවත් විය.නමුදු මෙම වර්ජනය තාවකාලිකව නතර කළ ද තම වෘත්තීය අරගලය අඛණ්ඩ ව පවත්වා ගෙන යන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලන ආරංචි මාර්ග සඳහන් කරයි

කාලීන පුවත්