සෞඛ්‍ය වර්ජනය දින දාහතරකට නතර කරයි

සෞඛ්‍ය වෘත්තීය සමිති දහ අටක් ඒකාබද්ධව ක්‍රියාත්මක කර තිබූ වැඩවර්ජනය හෙට(16) පෙරවරු 8.00 සිට දින 14 ක කාලයක් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සම්මේලනයේ කැදවුම්කරු රවී කුමුදේශ් මහතා සඳහන් කරයි. තම වෘත්තීය ක්ෂේත්‍ර වලට බලපාන ඉල්ලීම් හතක් මුල්කර ගනිමින් පැවැති වර්ජනයට අදාළව ඊයේ සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් පසු මෙම තීරණයට එළඹි බව කුමුදේශ් මහතා කීය.

කාලීන පුවත්