සෞදි අරාබිය ඇමරිකා එක්සත් ජනපදය සමඟ පවත්වාගෙන ආ වසර 80 ක පෙට්රෝ-ඩොලර් ගනුදෙනුව අලුත් නොකිරීමට තීරණය කර තිබේ. එබැවින් ඉදිරි කාලය තුළ සැලකිය යුතු ගෝලීය මූල්‍ය පෙරළියක් සිදුවීමේ අවදානමක් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙයි. පසුගිය ජුනි 9 ඉරිදා කල් ඉකුත් වූ ගනුදෙනුව, එක්සත් ජනපදයේ ගෝලීය ආර්ථික ආධිපත්‍යයේ මූලික පදනමක් විය.කොන්ත්‍රාත්තුව අලුත් නොකිරීමේ තීරණය මත සෞදි අරාබියට තෙල් සහ අනෙකුත් භාණ්ඩ එක්සත් ජනපද ඩොලර් වලින් වෙනුවට චීන ආර් එම් බී, යුරෝ, යෙන් සහ යුවාන් ඇතුළු විවිධ මුදල් වර්ග වලින් විකිණීමට හැකි වේ. මීට අමතරව, බිට්කොයින්වැනි ඩිජිටල් මුදල්වල විභව භාවිතය ද සලකා බැලිය හැකිය.