හජ් ගිවිසුමට අත්සන් තැබේ

මේ වසරේ හජ් වන්දනාව සඳහා ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 3,500කට සත්කාරකත්වය ලබාදීමට අවශ්‍ය හජ් ගිවිසුම අත්සන් කර තිබේ.

ඒ, සෞදි අරාබියාවේ ජෙඩාහි පිහිටි අසිලා හෝටල පරිශ්‍රයේ දී.

එරට හජ් උප අමාත්‍ය අබ්දුල්ෆටා බින් සුලෙයිමාන් මාෂාට් සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් මහතා මෙම ගිවිසුමට අත්සන් කළ බව සඳහන්.

එමෙන්ම දෙරට අතර හජ් වන්දනා සමය ආශ්‍රිත පහසුකම් මෙන් ම බැතිමතුන්ගේ ප්‍රමාණය වර්ධනය කර ගැනීම පිළිබඳව ඉතා සාර්ථක ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් ද එහිදී පවත්වා තිබේ.

කාලීන පුවත්