මේ වනවිට පවතින අත්‍යවශ්‍ය ආහාර මිල ගණන් අනුව සිව් දෙනෙකුගෙන් යුත් පවුලකට එක් දිනකට ආහාරවේල් සපයා ගැනීම සඳහා පමණක් රුපියල් 2,500ක් අඩුම වශයෙන් වියදම් කිරීමට සිදුවන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය සිදුකළ සමීක්ෂණයකින් අනාවරණයවී ඇති බව එම සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය.එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පස් දෙනෙකුගෙන් යුත් පවුලක් සඳහා එක් දිනකට ආහාරවේල් සපයා ගැනීම පිණිස පමණක් රුපියල් 4,000ක් වැය කළ යුතු බවකි.