හදිසි නීතිය ඉවත් නොකළොත් පාර්ලිමේන්තුවේ දී පරදවනවා

වත්මන් රජය ක්‍රියාත්මක කරන හදිසි නීතිය වහා ඉවත් කර ගත යුතු බවත් එසේ නොකොට ඒ පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් එය පරාජය කිරීමට කටයුතු කරන බවත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කියයි.ඒ පවතින ආර්ථික හා දේශපාලනික අර්බුදයට විසදුම් ලෙස ශී‍්‍ර ලංකා නීතීඥ සංගමය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා මාලාව සම්බන්ධයෙන් සාකච්ජාව කිරීම සදහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ පක්ෂ 11 නියෝජිතයින් සහ සමගි ජන බලවේගය අද නීතීඥ සංගම් නියෝජිතයින් හමුවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.කොළඹ පිහිටි ශී‍්‍ර ලංකා නීතීඥ සංගම් කාර්යාලයේදී මෙම හමුව සිදුවිය.

කාලීන පුවත්