හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක කෙරේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලද හදිසි නීති රෙගුලාසි යටතේ සාමාන්‍ය ජන ජීවිතයට බාධා වන හෝ ප්‍රචණ්ඩත්වයට පත් වන ආකාරයේ විරෝධතාවල නිරත වන පුද්ගලයන් අඩංගුවට ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස් මහතා සඳහන් කරයි.
මේ අතර හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමේ දී පොලීසියට හමුදාවට සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබා දී ඇති බලතල ඇතුළත් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිතව තිබේ.නමුදු පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරවහදිසි නීතිය මාසයකට වැඩි කාලයක් පවත්වා ගෙන යාමේ බලයක් ජනාධිපති වරයා සතුව නොමැති වීම මත ඒ සම්බන්ධ ව්‍යාකූල තත්වයක් පැන නඟින බව විද්වත්හු කියති.

කාලීන පුවත්