ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදීනී සුමනා ජයතිලක මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.ඇය මියයනවිට 87 වියෙහි පසුවූවා ය.ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ජනප්‍රිය වැඩසටහනක් වූ ‘හඳ මාමා’ වැඩසටහන ඉදිරිපත් කරන්නිය ලෙස ඇය අතිශයින් ප්‍රකට විය.එනිසාම ඇය එවක “හඳ නැන්දා” ලෙස ද හඳුන්වනු ලැබිණ.ශ්‍රී ලංකා ගුවන්විලි සංස්ථාවේ විදුලි සංස්ථාවේ නිවේදිකාවක් ලෙස 1963 දී සේවයට බැඳුණු සුමනා ජයතිලක මහත්මිය 1997දී ගුවන් විදුලි සේවයෙන් විශ්‍රාම යාමට පූර්වයෙන් එහි ළමා හා කාන්තා අංශයේ අතිරේක අධ්යක්ෂවරියක් ලෙස කටයුතු කරමින් සිටි අතර රුහුණු සේවය, මහනුවර සේවය ආදී ප්‍රාදේශීය ගුවන් විදුලි සේවාවන්වල වැඩසටහන් පාලකවරිය ලෙසට ද සිය සක්‍රීය මාධ්‍ය මෙහෙවර ඉටු කොට ශ්‍රාවකයන් ගේ ගෞරවාදරයට පාත්‍ර වූවා ය.1953 මැයි 24 වැනි දා මෙරට සම්මානිත ලේඛකයෙකු වන කේ. ජයතිලක සූරීන් සමග විවාහ වන සුමනා ජයතිලක මහත්මිය මහත්මිය දරුවන් සිව් දෙනෙකුගේ මවකි.