චීනයේ අභ්‍යවකාශ පර්යේෂණ සහ ගවේෂණ සිදු කරන යුවාන් වැං 5 නෞකාවට මෙරට මුහුදේ නැංගුරම්ලෑමට අවසර ලබා දීම ඉන්දියාවේ ආරක්ෂාවට සහ ආර්ථිකයට බලපෑමක් වනු ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය අරින්දම් බග්චි ප්‍රකාශ කර තිබේ.ඊට ප්‍රතිචාර දක්වමින් චීනය පවසා ඇත්තේ සාගර නීති සහ ජාත්‍යන්තර ප්රඥප්තීන් අනුගමනය කරමින් සිදු කරන එම ක්‍රියාවට තුන් වන පාර්ශවයක් මැදිහත් නොවිය යුතු බවයි. නමුත් එම නැවට අප රටේ මුහුදු සීමාවේ ගත කිරීමට ඉඩ ලබා දී ඇත්තේ දින පහක කාලයක් සදහා පමණක් බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.නෞකාව ලබන 11 වනදා හම්බන්තොට වරායට පැමිණ අදාළ පහසුකම් ලබා ගැනීමෙන් අනතුරුව සතියක කාලයක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ රැඳී සිටිමින් ඉන්දියන් සාගරයේ වයඹ දිග මුහුදු ප්‍රදේශයේ අභ්‍යවකාශ නිරික්ෂණය චන්ද්‍රිකා පාලනය සහ අනෙකුත් පර්යේෂණ කටයුතු සිදු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබේ. යුවාන් වැං 5 නෞකාව චිනයේ ජියෑන් ඉන් වරායෙන් පිටත් වී තිබුණේ පසුගිය ජූලි 13 වන දා ය.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමයේ අති විශාල ධන ආයෝජනයක් සිදු කොට ඉදි කරන ලද මත්තල ගුවන් තොටුපල හම්බන්තොට වරාය ඇතුළු ඊනියා සංවර්ධන ව්‍යාපෘතීන් ජාතියේ ඉදිරි ගමනට බරක් ව තිබියදී හම්බන්තොට වරාය මුල් කොට ඉන්දු චීන ගැටුමක් නිර්මාණය වීම එම අනර්ථයේ බිහිසුණු පැතිකඩක් විය හැකි බව විචාරක මතයයි.