හම්බන්තොට වරාය ආශ්‍රිතව ජාත්‍යන්තර මට්ටමේ කර්මාන්ත පුරයක් ආරම්භ කිරීම සඳහා චීන සමාගමකට අක්කර 500 ක භුමි භාගයක් සපයා ඇතැයි වරාය නාවික සහ ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා කියයි.ඒ අතර හම්බන්තොට වරායේ සියයට 15 ක කොටස් රජය සතු නිසා එහි නාවික මෙහෙයුම් චීන සමාගමක් සිදු කළ ද වරායේ ලාභයෙන් කොටසක් රජයට ලැබෙන බව ඇමති වරයා කියයි.