විශ්‍රාමික හමුදා සාමාජිකයන්ට රුසියාවට යාම සඳහා මින් ඉදිරියට ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ලබා ගැනීම අනිවාර්ය කිරීමට තීරණය කර තිබේ.
විදේශ කටයුතු ඇමැති එම්. යූ. එම්. අලි සබ්රි සහ මෙරට රුසියානු තානාපති Levan S. Dzhagaryan අතර ඊයේ (29) පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව මෙරට හිටපු ආරක්ෂක අංශ සාමාජිකයන් සංචාරක විසා මත රුසියාවට පැමිණෙන්නේ නම් ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය අවශ්‍ය බවට එහිදී එකඟතාවයක් ඇති කරගෙන තිබේ.
එම සාකච්ඡාවෙන් අනතුරුව විදේශ කටයුතු ඇමැතිවරයා සිය නිල X ගිණුමේ සටහනක් තබමින්ද මේ බව සඳහන් කර ඇත.