හර්තාලයට රට පුරා සාමාන්‍ය ජනතාව;ගෘහණියන්ගේත් වැඩි සහභාගීත්වයක්

ආණ්ඩුවට වහාම ඉවත් වන්නැයි බල කරමින් රට පුරා අද(06) දිනයේ ක්‍රියාත්මක හර්තාල් ව්‍යාපාරයට මේ වන විට සාමාන්‍ය ජනතාවගේ විශේෂයෙන් ගෘහණියන්ගේ පවා සහභාගීත්වයක් ලැබෙමින් පවතින බව වාර්තා වේ.වෘත්තීය අරගලයක් කේන්ද්‍ර කොට ගත් හර්තාලයකට සාමාන්‍ය ජනතාව ද මෙලෙස එක් වීම දුලබ සිදුවීමක් බව පැවසෙයි.අද සිදු කෙරෙන වැඩවර්ජනය සඳහා වෘත්තිය සමිති දෙදහසකට අධික සංඛ්‍යාවක් එක්ව ඇති බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය වැඩි දුරටත් පවසනුයේ සෞඛ්‍ය, තැපැල්, ප්‍රවාහන, අධ්‍යාපන ඇතුලු ප්‍රධාන වෘත්තිය සමිති රැසක් සේම රට පුරා සාමාන්‍ය ජනතාව ද මීට එක්වීම මත මෙය ජාතික විරෝධතාවක් බවට පත් ව ඇති බවකි.

කාලීන පුවත්