හරිත පාසල් සංකල්පයට කොළඹ ආනන්දය මුල පිරූ වගයි

යුනෙස්කෝ සංවිධානයට අනුබද්ධිත ඇමරිකාවේ වර්ජීනියා දූපත්හි පිහිටුවා ඇති ප්ලැනට් ග්‍රීන් ෆෝස් ( planet green force) ආයතනයේ ව්‍යාපෘතියක් වන හරිත පාසල් සංකල්පය සඳහා තෝරාගත් මෙරට ප්‍රථම පාසල ලෙසින් කොළඹ ආනන්ද විද්‍යාලයේදී හරිත පර්යේෂණ හා ඉගෙනුම් මධ්‍යස්ථානයට ඊයේ (19) මුල්ගල තබනු ලැබීය.

කාබන් විමෝචනය අවම කිරීම, අප ජලය කළමනාකරණය, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය හා භාවිතයට ගැනීම, කුසගින්න නිමා කිරීම, ආහාර නාස්තිය අවම කිරීම, සමුද්‍රීය පරිසර පද්ධතිය දූෂණය අවම කිරීම යන තේමාවන් ඔස්සේ ආනන්ද විද්‍යාලය තුළ ක්‍රියාත්මක හරිතානන්දය වැඩසටහනට අදාළව මෙය ක්‍රියාත්මකය.

තිරසර හරිත පර්යේෂණ හා ඉගෙනුම් මධ්‍යස්ථානයට මුල්ගල තැබීම අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙන්, යුනෙස්කෝ සංවිධානයේ කාලගුණ විද්‍යා අංශයේ ප්‍රධානී බිනෝ බෝයර් ,ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රසාද් සේතුංග, planet green force ආයතනයේ ප්‍රධානී ආචාර්ය හරිත් වික්‍රම, ආනන්ද විදුහලේ විදුහල්පති ලාල් දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

කාලීන පුවත්