ආණ්ඩුව වෙනස් වී ඇත. අනුර කුමාර දිසානායක ජනාධිපති වීම යනු මෙතෙක් මෙරට පැවැති බල හුවමාරුව කොට්ට උරයක් කණපිට ගැසුවා වැනි තත්ත්වයට පත් වීමකි. එනම් රදළ පරම්පරාවලින් නායකයන් ඉල්ලූ සමාජය විසින් තමන්ගේ පරපුරේ සාමාන්‍ය මිනිසෙක් සිය නායකයා ලෙස පත්කර ගෙන ඇත.
ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ශ්‍රී ලංකාවේ ය. හරිනි අගමැති වීමත් සමඟ අගමැති ධූරය ද ප්‍රභූ පැලැන්තියෙන් සාමාන්‍ය කාන්තාවක් වෙතට මාරු වී තිබේ. ජනපතිවරණයට පෙර අනුර කීවේ,ජනපති වූ පසුත් තමන්ට අනුර කියා ඇමතීමට හැකි බව ය. ඔහු ඉන් අදහස් කළේ පාලකයා ජනතාවට ඉහළින් සිටි යුගය එනම්, පාලකයා සහ පාලිතයා යන සමාජ බෙදීම් රේඛාව ජාජබ පාලනයක් යටතේ මකා දමනු ඇති බව ය. එසේ මකා දැමීමේ වුවමනාව ආණ්ඩුවට පවතින ලෙසම, ඒ වෙනස සඳහා සූදානම සහ අවශ්‍යතාව ජනතාවට විශේෂයෙන්ම ආණ්ඩුව සමඟ සමීප ගනුදෙනුවක යෙදෙන නිලධාරීන් වැනි පිරිසට ද තිබිය යුතු ය.

මෙකී කාරණාව මතු කරන්නට මා අදහස් කළේ, පසුගිය දිනයෙක දක්නට ලැබුණු පුවතක ශීර්ෂ පාඨයක් හේතුවෙනි. පුවත නිකුත් වී තිබුණේ අධ්‍යාපන අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකයෙනි. ශීර්ෂ පාඨය මෙසේ ය;
“අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිතුමිය අධ්‍යාපන අමාත්‍යංශයේ අද වැඩ බාර ගනී”.
මා මතු කරන ප්‍රශ්නය හරිනි එක වරම ” මැතිතුමිය” වීමයි. මැතිතුමිය වෙනුවට, “ආචාර්ය හරිනි අමරසුරිය අධ්‍යාපන අමාත්‍යංශයේ වැඩ බාර ගනී.” ය කීවාට මා දන්නා පරිදි හරිනි ගෙන් කිසිදු විරෝධයක් එල්ල වන්නේ නැත. හරිනි පමණකින් සතුටු වීමට පුවත ලියූ අයට නොහැකියාවක් තිබුණේ නම් ” මෙනෙවිය” වැනි විශේෂණයක් යොදා ගැනුණද ඔවුන් අතින් හරිනිට මැතිතුමිය කී තරමේ අපහාසයක් සිද්ධ වන්නේ නැත. මගේ අදහස අනුව මෙරට මෙතෙක් දුටු නිහතමානී ම අගමැති වරිය හරිනි ය. දිවුරුම් දී ආපසු යන අතර තමන් වටකර ගත් මාධ්‍යවේදීන්ට රිය කවුළුව පහත් කර ඇය පිළිතුරු දුන් මිත්‍රශීලී ආකාරය හරිනි කෙබඳු තැනැත්තියක් ද යන්නට නිදර්ශනයකි.
හරිනි අමරසූරිය “මැතිතුමියක්” කිරීමේ රහස ඇත්තේ හරිනි තුළ නොව අධ්‍යාපන අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය තුළ ය. එයින් පෙන්නුම් කරන්නේ පෙර පැවති මානසිකත්වයෙන් එනම් “සුසිල් ප්‍රේමජයන්ත් මැතිතුමා” වැනි ආකල්පවලින් මිදෙන්නට ඔවුන් තවමත් අසමත් වී ඇති බව ය. ඔවුහු තමන් තුළ ම බිල්ලෙක් මවා ගෙන සිටිති. ඔවුන් මේ බිය ඉක්මනින් තුරන් කර ගත යුතු ය. එසේ නොවුණ හොත් ජනතාව අපේක්ෂා කළ හරිනි ජනතාවට නොපෙනී යනු ඇත. එනම් පෙර සිටි ඇමැතිවරුන්, ඇමැතිවරියන් සහ හරිනි අතර කිසිදු වෙනසක් නැතැයි ජනතාවට දැනෙන්නට පටන්ගන්නවා ඇත. එය ඇයට කරන සමාව දිය නොහැකි අපරාධයකි.
අනෙකුත් අමාත්‍යංශවල මාධ්‍ය ඒකක ද මේ ගැන තරයේ අවබෝධ කර ගත යුතු ය. එසේ නොවුව හොත්, අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක, විජිත හේරත් මැතිතුමා වැන්නන් මාධ්‍ය ඒකකවල වරද හේතුවෙන් මතු වී ඔවුන් දුක් මහන්සියෙන් උපයා සපයා ගත් ජනතා ගෞරවය සහ කීර්ති නාමය ඉක්මනින් වියැකී යනු ඇත.
මෙකී රෝගය වහා සුව කර ගත යුතු අනෙක් පිරිස වන්නේ රජයේ ජනමාධ්‍ය ආයතනයන ය. ලිපිය දිගු වන නිසා එක් නිදසුනකින් එය පැහැදිලි කරමි.
එකල එක්තරා ජනාධිපතිවරයකු ගේ ඡායාරූප පුවත් පතේ පළ කරන විට ඔහුගේ තට්ටය ෆොටෝ ෂොප් යෙදවුම් ආදිය මගින් වසන්නට පටන් ගත්තේ ය. ඔහු මැතිවරණය ජය ගත්තේ තට්ටය පෙනෙමින් තිබිය දීය. ජනාධිපති වූ පසු තට්ටය වසන්නේ කුමක් සඳහා දැයි මට වැටහුණේ නැත. ඇතැම් විට එය ජනාධිපතිවරයා වත් නොදැන,ජනාධිපති මාධ්‍ය අංශය හෝ මාධ්‍ය ආයතන පරිපාලනය හෝ හිතලු මත ගත් තීරණයක් වන්නට ද පුළුවන. මහත්මිය, මැතිනිය බවට පත්වී, මහතා; ගරු, අතිගරු, ශ්‍රීමත් ආදි වශයෙන් විකාශය වී මහ රජාණන් දක්වා වර්ධනය වූයේ මෙකී යටහත් පහත් මානසිකත්වය හේතුවෙන් සේම, එකී විශේෂණ පද හේතුවෙන් උඩඟු වන්නට තරමට මුග්ධ මානසිකත්වයෙන් යුතු තැනැත්තන් මෙරට පාලකයන් ව සිටි නිසා ය.

බ්‍රිතාන්‍යයන් අතින් එවන් චෞරයන් අතට පත්වූ ශ්‍රී ලංකාව චෞරයන් ගෙන් නිදහස ලබා ඇති මොහොතක යටහත් පහත්, ගැති බවින් මිදීමට ජනතා මානසිකත්වය සූදානම් කළ යුතු ය. ඒ සඳහා මෙරට මාධ්‍ය ඒකක සහ ජනමාධ්‍ය හසුරුවන්නන්ට පැවරෙන වගකීම සුළුපටු නැත.
අනුර කේ එදිරිසූරිය දිනමිණ හිටපු සම කර්තෘ විශේෂාංග