හැටන් ආශ්‍රිත මාර්ග මිහිදුමින් පිරෙයි;රිය අනතුරු අවදානමක්

මධ්‍යම කඳුකරයේ හැටන් ආශ්‍රිතව පිහිටි වන වටවල, කැරලයිනා, කඩවල, දියගල, ගිනිගත්හේන, ප්‍රදේශවල මෙන්ම හැටන් නුවරඑළිය මාර්ගයේ කොටගල, පතන දිඹුල, ලිදුල, රදැල්ල, නානුඔය,සේම බගවන්තලාව යන ප්‍රදේශ වල මෙම දිනවල විටින් විට පවතින දැඩි මීදුම් තත්වයන් හේතුවෙන් මෙම ප්‍රදේශයේ මාර්ගවල විවිධ රථ වාහන අනතුරු ඇතිවීමේ අවදානමක් පවතින බව හැටන් මූලස්ථාන පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියෙක් සඳහන් කරයි.එමෙන්ම විටින් අධිකව පැවතිය හැකි මීදුම් තත්ත්වයන් මත සමහර අවස්ථාවලදී මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී යන තත්වයක් පවතින බවත් ඒ මත මෙම මාර්ගවල විවිධ රථ වාහන අනතුරු ඇතිවීමේ අවදානමක් පවතින බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කරයි.ඒ අනුව මෙම තත්වයන් පිළිබඳව දැඩි අවධානය යොමු කර මෙම මාර්ගවල ඉතාමත් කල්පනාකාරීව තම රථ වාහන ධාවනය කරවීමට පියවර ගන්නා ලෙසත් ඉදිරි මාර්ගය අපැහැදිලි නම් වාහන ධාවනය නතර කොට තබන ලෙසත් ඔහු සියළුම රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.විශේෂයෙන් මේ දිනවල එළඹී ඇති සිරිපා වන්දනා සමයේ මෙම මාර්ග වල වැඩි වාහන සංඛ්‍යාවක් ධාවනය වනු දක්නට පුළුවන.

කාලීන පුවත්