හිටපු ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වී තිබේ.ඒ ඉන්දියාවේ නවදිල්ලි නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (26) පස්වරුවේ උත්සන්න වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙනි. මියයන විට ඔහු 92 වැනි වියේ පසු විය. 2004 මැයි 22 සිට 2014 මැයි 26 දින දක්වා කාලය තුළ දාහතරවන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ ආචාර්ය මන්මෝහන් සිං ඉන්දීය රාජ්‍ය පාලනය සම්බන්ධ තීරණාත්මක සිදුවීම් කිහිපයකට සම්බන්ධ වී තිබේ.