හිමි වරුන් පිරිසකට කොටුව පිටකොටුව තහනම් කෙරේ

‘සුරකිමු ලංකා‘ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පාහියංගල ආනන්ද සාගර හිමි, ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංවිධානයේ සභාපති උලපනේ සුමංගල හිමි, භූමි මාතා මනුසත් පදනමේ නිර්මාතෲ කළුබෝවිල පදුම හිමි ඇතුළු පිරිසකට අද දින කොළඹ කොටුව,පිටකොටුව ස්ථාන පැමිණීම තහනම් කරමින් කොළඹ අලුත්කඩේ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් අඥාවක් නිකුත් කර තිබේ. ඒ භික්ෂුන් වහන්සේ හා සර්ව ආගමික පූජකවරුන් ඇතුළු ආගමික හා වෙනත් සංවිධාන සමාජිකයන් කොළඹ කොටුව ප‍්‍රදේශයේ උද්ඝෝෂණයකට සූදානම් වන පසුබිමකය.විරෝධතාකරුවන් පිරිස පිටකොටුව පොලිස් වසමට අයත් ඕල්කට් මාවත , ශ‍්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානය ඉදිරිපිට මාර්ගයේ අට්ටාලයක් සකස් කර රැඳි සිටීමට සූදානමක් ඇති බවට දැනුම් දෙමින් පිටකොටුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අධිකරණයෙන් මෙම ඉල්ලීම සිදු කර තිබේ.පොලිස් මූලස්ථානය නිවේදනය කළේ මෙම ආඥාව කඩ කිරීම ලංකා දණ්ඩ නීති සංග‍්‍රහය අනුව වරදක් බවයි

 

කාලීන පුවත්