හිරුණිකා ඇතුළු පිරිසක් මල් පාරේ අගමැති නිවස ඉදිරියේ විරෝධතාවක

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු කාන්තාවන් පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ කොළඹ මල්පාරේ පිහිටි නිවස ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර ඇත.රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධූරය භාරගෙන ඇත්තේ රාජපක්ෂවරුන් ආරක්ෂා කරගන්නට මිස රටේ දැවෙන ප්‍රශ්න නොවිසඳන්නට නොවන බවත් පවසමින් මෙම පිරිස විරෝධතාව‍යේ නිරතව සිටිති.මේ වන විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස පිහිටි කොළඹ, මල් පාරේ පස්වන පටුමග පොලීසිය විසින් මාර්ග බාධක දමා වසා දමා තිබේ.

කාලීන පුවත්