හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට වසර තුනක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා අද (28) නියෝග කළේය.දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාවට හිටපු මන්ත්‍රීවරිය වරදකාරිය කරමින් මහාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කෙරිණි.නමුදු මහාධිකරණය විසින් නියම කරන ද බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇතැයි ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුර මැද්දෙගොඩ මහතා අද අධිකරණය හමුවේ කියා සිටියේය.මහාධිකරණය විසින් ලබාදුන් දඬුවම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් නීතිඥවරයා කියා සිටියේ විත්තිකාරියට වයස අවුරුදු තුන හතර සහ පහ යන වයස්වල කුඩා දරුවන් තුන් දෙනෙකු සිටින බැවින් ඇය සිරගත කළොත් එම දරුවන්ට දැඩි අගතියක් සිදුවන බවයි.එබැවින් බන්ධනාගාරගත කිරීමකින් තොරව ඇයට ලිහිල් දැනුමක් ලබාදෙන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.කෙසේ වෙතත් නඩුවේ තීන්දුව ලබාදෙමින් විවෘත අධිකරණය අමතමින් කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා පැවසුවේ විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර චෝදනා 18කට වරදකාරිය වී ඇති බවත් එම එක් එක් චෝදනාවට රුපියල් 20,000 බැගින් දඩ නියම කරන බවත් එම දඩ මුදල් ගෙවීම පැහැර හැරියහොත් එක් චෝදනාවට මාස 06 බැගින් අතිරේක සිර දඬුවම් නියම කරන බවත්ය.