ඉදිරි මාස කිහිඅපය තුළ යුරෝපය පුරා පවතින ශීත ඍතුව ඇරඹීමත් සමග පෝලන්තයේ සිට ශ්‍රී ලංකාවට සංචාරකයන් ගේ පැමිණීම ආරම්භ කරමින් ප්‍රථම ගුවන් යානය අද (03) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.186 දෙනෙකුගෙන් සමන්විත මෙම පෝලන්ත ජාතික සංචාරකයන් අතර වැඩිපුර තරුණ පිරිසක් සිටීම විශේෂත්වයකි.මෙසේ ශීත ඍතුව තුළ පෝලන්ත සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීම මෙවර සිදු වන්නේ 13 වැනි වරට ය.මේ වසරේ නොවැම්බර් මාසයේ සිට එළඹෙන 2024 මාර්තු මාසය දක්වා මේ ආකාරයට පෝලන්තයේ සිට ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීමට නියමිත ය.මෙම පෝලන්ත සංචාරකයන් අනුරාධපුරය , පොළොන්නරුව , සීගිරිය වැනි ඓතිහාසික ස්ථාන උණවටුන , ආරුගම් බේ මුහුදු තීර වල සහ ශ්‍රී ලංකාවේ වනෝද්‍යාන තුළ ද සංචාරය කිරීමට නියමිතය. යුරෝපය පුරා ඉදිරියේ පැතිර යන කටුක ශීතලයෙන් මිදී හිරු එළිය, උනුසුම විඳීම සේම ශ්‍රී ලාංකිකයන්ගේ අහිංසක සිනාවන් දැක ගැනීම තම අරමුණ බව මේ කාලයට ශ්‍රී ලංකාවට පැමිණෙන යුරෝපීය සංචාරකයන් මින් පෙර කියා තිබේ.