හෙට ගුරු, විදුහල්පති වැඩ වර්ජනය ස්ථිරයි

හෙට(15) පැවැත්වීමට නියමිත ගුරු, විදුහල්පති වැඩ වර්ජනය ස්ථිරවම පැවැත්වෙන බව ගුරු ,විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික හා වතු ක්ෂේත‍්‍රවල සියලූම වෘත්තීය සමිති එක්ව කැඳවා ඇති ”ආණ්ඩුවේ පීඩනයට එරෙහිව වැඩ කරන ජනතාවගේ විරෝධය”ට සිය සංගමය සහය දක්වන බවත් එම වර්ජනයට සියලූම ගුරු,විදුහල්පතිවරු, ගුරු උපදේශකවරු, පිරිවෙන් ගුරුවරු, උපකෘත පාඨශාලා ගුරුවරු සම්බන්ධ කිරීමටය ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තීරණය කර ඇති බවත් සඳහන් ය.මේ අතර දිවයින පුරා කලාප අධ්‍යාපන කාර්යාල මට්ටමින් ද උද්ඝෝෂණවල තිරත වීමට සැළසුම්කර ඇති බව ද එම වෘත්තීය සමිති සන්ධානය වැඩිදුරටත් සඳහන් කරයි.

කාලීන පුවත්