හෙට පෞද්ගලික බස් අඩු වේවිලු,ඒත් වැඩි අවුලක් ඇති නොවෙන්න ලංගම වැඩලු නැවත උද්ගත වී ඇති ඉන්ධන හිඟය මත හෙට(29) සිට පෞද්ගලික බස් රථ ධාවනය 25% තෙක් අඩු කිරීමට සිදු වනු වනු ඇති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.මේ අතර සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය ද පවසන්නේ ඉන්ධන නොලැබුණහොත් හෙට සිට තම සේවාව පවත්වාගෙන යාමට නොහැකි වනු ඇති බවයි.නමුත් එවන් තත්වයක් පැන නැඟුණ ද ලංගම බස් රථ සේවාව හැකි උපරිම මට්ටමින් පවත්වාගෙන යන බවත් පසුගිය කාලයේ ද පෞද්ගලික බස් රථ හිඟය නිසා ඇති වූ මගී ප්‍රවාහන දුෂ්කරතා බොහෝ දුරට අවම කිරීමට ලංගමය සමත් වූ බව ද එහි ප්‍රකාශකයෙක් පැවසීය.