හෙට ලෝක ජනගහනය බිලියන 8.09ක්

නව වසර උදාවන හෙට (01) දිනයේ ලෝක ජනගහනය බිලියන 8.09ක් වනු ඇතැයි ඇමෙරිකානු ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පුරෝකථනය කර ඇත.ඒ අනුව 2024 වසරේදී ලෝක ජනගහනය මිලියන 71 කින් වැඩිවී ඇතැයි ඇමෙරිකානු ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ.නමුත් 2023 වසරේදී ලෝක ජනගහනය මිලියන 75 කින් වැඩිවී ඇති බවත් එයට සාපේක්ෂව 2024 වසරේ ලෝක ජනගහනය ඉහළ යාමේ ප්‍රතිශතය පහළ යෑමක් පෙන්නුම් කරන බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.

කාලීන පුවත්