හෙට වර්ජනය ගැන කතා බහක් අද

හෙට(08) පැවත්වීමට නියමිත දීප ව්‍යාප්ත වැඩ වර්ජනය සම්බන්ධව සාකච්ඡාවක් සිදු කිරීමට රාජ්‍ය, අර්ධ රාජ්‍ය ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිතිවල නියෝජිතයන් අද රැස් වීමට නියමිතය.ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ එම සාකච්ඡාවෙන් අනතුරුව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග දැනුම්දෙන බවකි.තවද එම වැඩවර්ජනයට සමගාමීව එක් දින සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක් කිරීමට සමස්ථ ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය සැළසුම් කර ඇත.

කාලීන පුවත්