හෙට විශේෂ ඩෙංගු මර්දන දිනයක් වර්තමානයේ දිවයින පුරා ඩෙංගු රෝගය අධි වසංගත තත්ත්වයකින් පැතිර යාමේ අවදානමක් පවතින බැවින් හෙට(25) විශේෂ ඩෙංගු මර්දන දිනයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. මේ වසරේ මේ දක්වා පමණක් දිවයින පුරා ඩෙංගු රෝගීන් හතලිස් තුන් දහසකට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන තිබේ. මේ මාසයේ මේ දක්වා හඳුනාගෙන ඇති සංඛ්‍යාව අට දහසක් පමණ වෙයි. රජයේ හා පෞද්ගලික ආයතන ,පාසල් ,ඉදිකිරිම් පරිශ්‍ර ,කර්මාන්ත ශාලා හා වෙනත් පොදු ස්ථාන මදුරුවන් බෝ වීමේ අවදානම වැඩි ස්ථාන බව කීට විද්‍යා සමීක්ෂණ වාර්තා හෙළි කරයි.