හෙට සිට පැය තුනක විදුලි කප්පාදුවක්

නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරයේ හදිසි බිඳවැටීම හේතුවෙන් හෙට (16) සිට විදුලි කප්පාදුව පැය තුනක් දක්වා දීර්ඝ කිරීමට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලබා දුන් බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කියයි. නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ මෙගාවොට් 270 ක ධාරිතාවයෙන් යුත් දෙවැනි බලාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් ක්‍රියාත්මක වන නිසා මේ වන විට මෙගාවොට් 540 ක විදුලි ධාරිතාවක් අහිමිවීමෙන් මෙසේ විදුලි කප්පාදුව වැඩි කිරීමට සිදුව ඇති බව බව විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ආචාර්ය ඩී. සී. ආර්. අබේසේකර මහතා ද පවසයි.

කාලීන පුවත්